අලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 හඳුන්වා දුන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ? – විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අලි මිනිස් ගැටුම අප රටේ උද්ගත වී ඇති බරපතල ගැටලුවක් වි ඇති බවත් අලි මිනිස් ගැටුමේ වර්ධනයක් සහ වන අලි සංරක්ෂණයේ පවතින ගැටලුකාරි තත්ත්වයන් පසුගිය වසර කිහිපයේ ම දැකගත හැකි වූ බවත් අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජිවිත, දේපල, වගා විනාශ හා අලි මරණ පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බවත් මේ ගැටුම් වළක්වා ගැනීමට සුදුසු ස්ථිර පිළියමක් යෙදීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් අප රටේ වන අලින් ප්‍රමාණය ගැන සිදු කළ සංගණන සහ ඒවායේ දත්ත ඉදිරිපත් කරන ලෙසත් එහි දී මෙරට වනයේ සිටින ඇතුන්ගේ ප්‍රතිශතයත් වන අලි මිනිස් ගැටුම විසඳීම උදෙසා 2020 නිර්මාණය කළ විසඳුම ක්‍රියාත්මක කරන්නට පියවර ගෙන ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අලි මිනිස් ගැටුම අවම කිරිමට ජාතික වැඩපිළිවෙළක් ඇති නමුත් එම ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අලි මිනිස් ගැටුම අවම කිරීමට 2020 නිර්මාණය කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අලි මිනිස් ගැටුම නිසා අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය සහ වන අලි ප්‍රමාණය පසුගිය වසර 5 කොපමණ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ නිසා අහිමි වූ මිනිස් ජිවිත හා වගා හානියට ලබා දෙන වන්දි ප්‍රමාණයත් එම වන්දි ලබා දෙන නිර්ණායකත් දැන ගැනීමට අවශ්‍ය බවත් මිනිසා අලියා සහ ඇතුන් මේ නිසා හානි වන මුත් වන්දි ලබා දීමේ ක්‍රමවේදයේ ක්‍රමික ක්‍රමානුකූල කාර්යක්ෂණ වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වන අලි ඝාතනය වළක්වාලීමට පනවා ඇති නීතිරීති මෙන්ම එම ක්‍රියාවේ නියැලෙන අයට පනවන දඩුවම් ඉදිරිපත් කරන ලෙස පැවසූ විපක්ෂ නායකවරයා සත්ත්ව සුබසාධන පනත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය. එසේම අලි මිනිස් ගැටුම අවම කිරිම උදෙසා වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන පශු වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත් භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

අලි මිනිස් ගැටුම අවම කිරිමට ජාත්‍යන්තර ක්‍රමවේද ගණනාවක් ඇති බවත් තුවාල වූ සතුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ රැසක් ඇති බවත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් නවින ක්‍රමවේද ක්‍රියාත්මක කරන නිසා අප රටේත් ප්‍රතිකාර සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...