දෙවන සිව්දින තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජූලි 23, කොළඹ LNW:

ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම අතර පැවත්වෙන දෙවන සිව්දින තරගයේ තෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පළමු ඉණිමේ කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු 485 ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ද කඩුලු 3 ක් දැවී ලකුණු 379 ක් ලබාගෙන සිටිනවා.ඔස්ට්‍රේලියාවට ප්‍රබල සහ සාර්ථක පිළිතුරක් කරා යාමට උපකාරි වූ ප්‍රබලම සාධකය වූ ජැක් වෙදර්ල්ඩ් ලකුණු 181 ක් සහ නායක ජසෙන් සන්ගා නොදැවී ලකුණු 121 ක් ලබා ගැනීමට සමත් විය.


ඔවුන් දෙදෙනා අතර තෙවන කඩුල්ලට ලකුණු 209 ක සබඳතාවයක් පැවති අතර එය ඔස්ට්‍රේලියානු ඉණිමේ ප්‍රධානම හැරවුම් ලක්ෂය විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉඩක් නොදෙමින් ලකුණු 181 ක් රැස් කර ජැක් වෙදර්ල්ඩ් අවසානයේ තෙවන කඩුල්ල ලෙස නුවනිඳු ප්‍රනාන්දුට ගොඳුර වෙන විට ලකුණු පූවරුව ලකුණු 375 ක් ව තිබිණ.ඔහු නායක ජේසන් සමඟ තෙවන කඩුල්ලට ප්‍රබල සබඳතාවයක් ගොඬ නඟන්නට ප්‍රථමයෙන් කුර්ටීස් පැටර්සන් (59) සමඟ එක්ව දෙවන කඩුල්ලට ලකුණු 134 ක් එකතු කරන්නට ද දායක විය.


නිශාන් පීරිස් ලකුණු 91 ට කඩුල්ලක් ද,අසංක මනෝජ් ලකුණු 57 ට කඩුල්ලක් ද දවා ගන්නට සමත් විය.තරගයේ සිව්දින ආරම්භ වන විට ඔස්ට්‍රේලියාව තවමත් ලකුණු 106 ක් පිටුපසින් සිටින අතර සිව්වන දින ආරම්භ වන විට තරගය,පළමු තරගය මෙන්ම ජය පරාජයෙන් තොරව අවසන් වීමට බොහෝ ඉඩ ඇත.
පහතින් ලකුණු විස්තරයට පිවිසිය හැකිය. https://bit.ly/4lENMus ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජැක් වෙදර්ල්ඩ් පන්දුවට පහර දුන් අවස්ථාවක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...