සත්වෝද්‍යානවල සතුන්ට කන්න දෙන්නත් සල්ලි නෑ – දැනටමත් මිලියන 59 ක් ණය වෙලා

Date:

මෙරට සත්වෝද්‍යාන තුළ රඳවා සිටින සතුන්ට ආහාර ලබාදීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති බව වාර්තා වේ. සතුන්ගේ ආහාර වෙනුවෙන් මෙම වසරට වෙන්කළ මුදල් අවසන්ව ඇති අතර ඊට අමතරව මිලියන 59 ක හිඟ මුදල් ගෙවීමට තිබෙන බවද සත්වෝද්‍යාන බළධාරීන් පවසනවා.

මේ බව හෙළි වූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදීය. කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම වසරේ ඉදිරි කාලය තුළ සතුන්ට ආහාර දීම සඳහා රුපියල් මිලියන 120 ක් වත් ලබාදෙන ලෙසයි සත්වෝද්‍යාන බළධාරීන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

විදේශ සංචාරකයන්ගේ පැමිණීම අවම වීම, ඉන්ධන ගැටලුව ඇතුළු අර්බුද හේතුවෙන් දේශීය සංචාරකයන්ගේ පැමිණීම අවම වීම ඇතුළු කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල ආදායම අඩුවීම සහ ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දිනම ඉහළ යාම හේතුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි සාකච්ඡාවේදී හෙළි වූයේ.

මීට අමතරව අධිකරණවල ක්‍රියාත්මක නඩුවල නඩු භාණ්ඩ ලෙස නම්කර තිබෙන වන අලි රැක බලා ගැනීමද සත්වෝද්‍යාන බළධාරීන්ට මුහුණදීමට සිදුව ඇති බරපතල අභියෝගයකි. මෙම වනඅලි නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 45 කට අධික මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.

අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවට ඇමතිවරයා පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

සතුන් රැක බලා ගැනීම සඳහා කැපකරු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස උපදෙස් ලබාදුන් ඇමතිවරයා, ඒ සඳහා විවිධ ආයතනවල සහාය ලබා ගන්නා ලෙසද ප්‍රකාශ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...