එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර වෙළඳාම පවුම් බිලියන 25.5 කින් ඉහළ නංවන ගිවිසුමක් අත්සන් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර තීරුබදු අඩු කරන සහ ව්‍යාපාර සඳහා වැඩි වෙළඳපල ප්‍රවේශයක් ලබා දෙන වෙළඳ ගිවිසුමක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී හා එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමාගේ මුලිකත්වයෙන් අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් රාජධානියේ සහ ඉන්දියානු වෙළඳ අමාත්‍යවරුන් වන ජොනතන් රෙනෝල්ඩ්ස් සහ පියුෂ් ගෝයාල් නිල වශයෙන් ගිවිසුමට අත්සන් තබා ඇති අතර එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාව දෙරට අතර කේන්ද්‍රස්ථානයක් වන බවත්, 2020 දී යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු එක්සත් රාජධානිය සිදු කර ඇති විශාලතම සහ ආර්ථික වශයෙන් වඩාත්ම වැදගත් වෙළඳ ගනුදෙනුව බවත් සඳහන් කර තිබිණි.

ඉන්දියාව හා එක්සත් රාජධානිය පිළිවෙලින් පස්වන හා හයවන විශාලතම ගෝලීය ආර්ථිකයන් වන අතර මෙම ගිවිසුම හරහා පවුම් බිලියන 41 ක් (ඩොලර් බිලියන 55.3) පමණ වටිනා වෙළඳ සම්බන්ධතාවයක් සහ දෙරට පුරා රැකියා 600,000 කට වඩා සහාය වන ආයෝජන කෙරෙනු ඇත.

එමෙන්ම මෙමඟින් AI, අභ්‍යවකාශ සහ කිරි නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වෙළඳ හා ආයෝජන ගනුදෙනු සඳහා දෙරට පවුම් බිලියන 6 කට ආසන්න ප්‍රකාශයට පත් කර ඇති අතර ආරක්ෂක, සංක්‍රමණය, දේශගුණය සහ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රවල වඩාත් සමීපව එකට වැඩ කිරීමට පොරොන්දු වී තිබේ. එක්සත් රාජධානිය සහ ඉන්දියාව බලාපොරොත්තු වන්නේ මෙම ගිවිසුම මගින් දෙරට අතර වෙළඳාම පවුම් බිලියන 25.5 කින් (ඩොලර් බිලියන 34.4) ඉහළ නංවන අතර අවසානයේ එක්සත් රාජධානියේ ආර්ථිකයට වසරකට පවුම් බිලියන 4.8 ක් (ඩොලර් බිලියන 6.5) එකතු කරනු ඇති බවයි.

එක්සත් රාජධානියේ රජය ප්‍රකාශ කර තිබුණේ, මෙම ගනුදෙනුව මගින් බ්‍රිතාන්‍ය භාණ්ඩ සඳහා ඉන්දියාවේ සාමාන්‍ය තීරුබදු සියයට 15 සිට සියයට 3 දක්වා අඩු කරන බවත්, විස්කි සහ ජින් සඳහා ආනයන බදු සියයට 150 සිට සියයට 75 දක්වා අඩකින් අඩු කරනු ඇති බවත්, මෝටර් රථ ගාස්තු කෝටාවක් යටතේ සියයට 100 ට වඩා සියයට 10 දක්වා පහත වැටෙනු ඇති අතර ඉන්දියානු අපනයනවලින් සියයට 99 කටම ආනයන බද්දක් අය නොකරන අතර එය ඇඳුම්, සපත්තු සහ ආහාර ඇතුළු නිෂ්පාදන සඳහා අදාළ වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ලෝකයේ ලස්සනම ගුවන් තොටුපල පර්යන්තයන්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු...

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...