බන්ධනාගාරයෙන් ඇසෙන කතා…

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

ඊයේ පස්වරු 06.45ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළමුව රැඳවියෙකු ලෙස ලියාපදංචි කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි කළුතර බන්ධනාගාරයේ රඳවා තිබෙන බව වාර්තා වේ.

පසුව ඔහු නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවේ තවත් රැඳවියන් සියයකට අධික පිරිසක් සමඟ රඳවා තිබෙන අතර, අද (25) දිනයේ ඔහු වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙනත් වාට්ටුවකට මාරු කිරීමට නියමිත බව සඳහන් වේ. ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදී ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ දිනයේ භාරවුණි.

පසුව අධිකරණය නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි අගෝස්තු පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර ආන්දෝලාත්මක මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහරින ලෙස අධිකරණය ඊයේ නියෝග කළේය. තවත් රැඳවියන් 90කට ආසන්න පිරිසක් සමගින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුළ රඳවා සිටියේ කළුතර බන්ධනාගාරයේ ‘සී’ වාට්ටුවේයි.

තවද, බන්ධනාගාරගතව සිටි සමයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා කිසිදු පහසුකමක් තමන්ට ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරින්ගෙන් ඉල්ලීමක් කර නොමැති අතර, ඔහු බන්ධනාගාර නිලධාරින්ගෙන් ඉල්ලා තිබුණේ, හැකිනම් තමන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව හැකිතාක් අඩු කරන ලෙසයි . පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ද සිය පුත්‍රයාට විශේෂ පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර නිලධාරින්ගෙන් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් නොකළ බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...

වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...

2025 වසරේ ලෝකයේ ලස්සනම ගුවන් තොටුපල පර්යන්තයන්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු...

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...