🍎ජනපති අනුර ඇමෙරිකානු බදු අංශ සමග සූම් කතාබහක…..!
🍎ඇමෙරිකාවට වාසි නැතිනම් කිසිම රටකට සහන නොදීම….?
🍎 අනුරට තඔුත්තේගම දී ප්‍රහාර….?
🍎ඇදගෙන නාන ගොඩට ලාල්කාන්තත්….?
🍎රනිල් නීති කඩා හෝ අරගලයට තිත නොතැබුවා නම්…..?
🍎මාස 08 කට පසු ලංකාවේ ලුනු නිපදවීම.
🍎ජයමංගල ගාථා එපා කී පිරිස පිරිත් කියමින් ලුනු කැඩීම…..?
🍎ලෝවැඩ සගරාව නොදත් මාළිමා ඇමති..?
🍎නොදන්නා කවිය එදාම රෑ කටපාඩමින් කියන්නට ගොස් ලැජ්ජාවීම….?
🍎කෝටි 120 ක් ලාභ ලැබූ සීනි සමාගම් අද ගොවීන්ට ගෙවීමට පවා නොහැකිව ඇද වැටීම.
🍎කයිය මිස වැඩ නොදත් බව යළිත් සනාථවීම…?
අගමැතිකම හා කැබිනට්ටුව දුන්නොත් මාස 06 න් රට ගොඩදාන බව කීවද එවැනි දෙගුණයක බලයක් ලැබුණ ද මාස 10 කදී කළ කෙංගෙඩියක් තිබේදැයි ප්‍රශ්න කරන තරමට වැටීම ආණ්ඩුවේ පසුබෑමකි.
ඇමෙරිකන් මහින්දගේ මැදිහත්වීම තුළ ඇමෙරිකාවේ බදු ප්‍රධානීන් සමග ජනපති කළ සූම් කතාබහ හරහා බදු අවම කරගැනීමේ උත්සාහය පැසසුම් කටයුතුය. එහෙත් ඇමෙරිකාවට වාසි නැති කිසිම රටක බදු අඩු කිරීමට ඔවුන් ක්‍රියා කරන්නේ නැත.
ජනපතිගේ සිට ආණ්ඩුවේ බොහෝ දෙනා ලග ලග නෑවද ලාල් කාන්ත මෙතෙක් ඊට ගොදුරු වූයේ නැත. එහෙත් ඩඩ්ලිගේ හෝටලය කැඩීමේ ලොකු කතා කියා දින කිහිපයකින් හෝටලය නොව එහි වැටක් පමණක් ගලවන බව ප්‍රකාශ කිරීමත් සමග ඔහු ද නාන කයියන්ගේ ගොඩට එකතු වූ බව පෙනේ.
රනිල් අරගලය නිම කිරීමට හදිසි නීතිය දැමීම මුලික අයිතීන් උල්ලංඝණයක් බවට තීන්දුවී තිබේ. ඔහු එය නොකලා නම් රට යථාවත් නොවන බව හා ප්රජාතන්ත්රවාදය නැසෙන බවට මත පළකරන පිරිස් ද එමටය.
“ලුනු හදාගන්න බැරි පුංචියට හිතක පංති පහේ මාළිමා බුරම්පිලා අධ්‍යාපනය වෙනස් කරන්නට යාම විශාල අනතුරක්
” පාඨලී ඇදලා ඇරියේය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ අධ්‍යාපනඥයන් නෑ. කොම්පැණිකාරයො, ජාත්‍යන්තර පාසල් හිමිකරුවොයි ඉන්නේ” පුබුදු ජයගොඩ කීවෙිය.
වසර 44කට පෙර ජවිපෙ එපා කී රනිල්ගේ ධවල පත්‍රිකාවේ කොපියක් අද මාළිමා අධ්‍යාපන ප්‍රතිපත්තියවී ඇතැයි විග්රහ වේ. අකිල හා සුසිල් ඇමතිවරු එය ඉදිරියට ගෙන ගියේය. මාළිමාව එහි ඇන මුරිච්චි වෙනස් කොට ඉතිහාසය හා සෞන්දර්ය අනිවාර්ය නොවන බවට සකසා ඇති බවටත් දැඩි විරෝධාකල්ප පවතී.
සජිත්ගේ සිටිසන් වොයිස් ඇරඔුණේ තඔුත්තේගමිනි.
“විශාල බලාපොරොත්තු ඇතිව පත්කලාට මාළිමාවට මෙලෝ වැඩක් බෑ” ජනතාව සජිත්ට කීවේ එහෙමය.
මාස 08 කට පසු ලංකාවේ ලුනු හැදීම සිදුවිය. මහවැලිය විවෘත කලාටත් වඩා එය මාළිමාවට මහා ප්රවෘත්තියකි. ජයමංගල ගාථා එපා කී පිතරිස පිරිත් කියමින් ලුනු කැඩීම දෛවයේ සරදමකි.
පාසල් නොගිය ජයසිංහ ගුරුවරයා ලෝවැඩ සගරා කවි කියන්නට ගොස් ලැජ්ජ වුවේය. එහෙත් එදාම රෑ සංවාදයකදී එම කවියම කටපාඩම් කරගෙනවිත් යළි කියන්නට යාම හා අජිත් පී. ගෙන් කොචොක්වීම සරදමකි.
සජබ මහේෂ් සේනානායක කෝප් ප්‍රධානියාට ටියුෂන් පාරක් දුන්නේ සංවාදයකදීය.
“කෝප් එන හා නොඑන අය කරුණු නොදැන අපහසුතාවට ලක්කිරීම ඉතා වැරදියි. ලක්ෂ්මන්, චමින්ද්‍රානී කිරිඇල්ල එහි නවතම ගොදුර බවද මහේෂ් පෙන්වා දුන්නේය.
“වැරදි විදියට ඉඩම් ගන්න මාළිමා අය නම් ක්‍රියා කලා. විස්තර ජගත් මනුවර්ණ ගෙන් අහන්න” මහේෂ් කීවේ චුදිතයාගේ නම වක්‍රව එළි කරමින්දැයි දන්නේ නැත.
2022 – 23දී කෝටි 120 බැගින් ලාභ ලැබූ පැලවත්ත හා සෙවණගල ට අද උක් ගෙවීන්ගේ මුදල් ගෙවීමට පවා නොහැකි තැනට පත්වීම හදුනෙත්ති ලාගේ කයිය මිස වැඩ නොදන්නා බව යළි සනාථ කිරීමකි.
