*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අපි එකිනෙකාට ගරු කරන නිසා කණ්ඩායමක් ලෙස ශක්තිමත් – කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ශ්‍රී ලංකා ජාතික රිස්ලාන් ඉක්බාර්

අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි රිස්ලාන් ඉක්බාර් වර්ථමානයේ කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය.2005 දී පියාගේ අභාවය සිඳුවන තෙක්ම ංකාවේ ක්‍රිකට් පිටිවල හරඹ කළ රිස්ලාන් අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට තාරක කොටහේවාගේ නායකත්වයෙන් මුහුණ දුන් අතර අනතුරුව මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් පළමු පෙළ තරගවලට සහභාගි වෙද්දී ඔහුගේ සමකාලීනයන් අතර ෆර්විස් මහරූෆ්,සුරාජ් රන්දිව්,ඇන්ජලෝ මැතිවිස්,උපුල් තරංග ද වූහ.
වසර දෙකකට කටාර් එන රිස්ලාන්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් සිහිනයට වඩා පියා වෙනුවෙන් පවුලේ වගකීම් දැරීම දැඩි විය.ඔහු ආදරය කරන ක්‍රිකට් හැකියාව කටාර් මත තැබීමට හිතා ගන්නේය.වර්ථමානයේ අයිසිසී තීරණය වසර තුනක පදිංචිය වුව ද,රිස්ලාන් ට එවකට නීතිය අනුව අවුරුදු හතරක් බලා සිටින්නට සිඳු විය.ඒ අනුව 2010 දී කටාර් ජාතික කණ්ඩායමට කඩුලු රැකීමේ අත් ආවරණ සහිතව පිවිසෙන රිස්ලාන් ඉක්බාර්,එතැන් සිට මේ දක්වා නායකයන් හතර දෙනෙක් යටතේ කටාර් කණ්ඩායමට ක්‍රීඩා කර ඇත.2016 දී කණ්ඩායමේ උප නායකයා බවට පත් වෙන රිස්ලාන් අද කටාර් ජාතික කණ්ඩායමේ නායකයාය.

රිස්ලාන් පවසන්නේ කටාර් ක්‍රිකට් ක්‍රීඩාව මතු පිටට පෙනෙනවාට වඩා ශක්තිමත් බවය.එයට වැඩ පිළිවෙලක් තිබෙන බවය.ක්‍රීඩකයින් පැය අටක සේවය නිමා කර නැවත පසුවරුවේ පැය කිහිපයක් ඉතා වෙහෙසකර පුහුණුවීම් සැසි නිමා කරමින් ක්‍රිකට් වෙනුවෙන් කරන කැපවීම පිටත සිටින කෙනෙකුට සිතා ගන්නට අපහසු බව රිස්ලාන්ගේ විශ්වාසය ය.

“අපි 2016 හිටියෙ රෑන්කින්ග්වල 87 ට,අද අපි ඉන්නවා 23 ට,මගේ කැප්ටන් සී එක යටතෙ අපිට කැනඩා,මැලේසියා තරඟාවලි දෙකක් තියෙනවා.රටවල් හයක් සහභාගි වෙනවා.අපි මුල් කණ්ඩායම් 15 අතරට ඇවිත්,ෆිෆ්ටි ඕවර්ස් වර්ල්ඩ් කප් එකට කොලිෆයි වෙන තරග වටයට එන්න තමයි ටාගට් එක”

රිස්ලාන් ට අනුව එය කළ හැකි දෙයකි.ඊට එක් හේතුවක් වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන පුහුණුකරු පාඨමාලාවේ තෙවන අදියර සමත් පුහුණුකරුවෙක් වෙන ඇෆ්ගන් ජාතික අසදුල්ලාඛාන්ගේ මඟ පෙන්වීමය.

“එයා හිටපු ප්ලේයර්.ඒ වගේම ඇෆ්ගන් ක්‍රිකට් ඩිරෙක්ටර් කෙනෙක්.තව හේතුවක් අපිට හොද තරුණ පිරිසකුත් ඉන්නවා.තරුණ කණ්ඩායම සහ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා එකතු කරලා හොඳ ටීම් එකකට යන්න අපට පුළුවන් වෙයි.දැනට අන්තිම 20 ට ශ්‍රී ලංකාවෙ හතක්ම ඉන්නවා.මම,ඇන්ඩ්‍රි,ඉමාල්,ඉම්රාස්,ගයාන්,සඳුන් සහ අසාද් කියන ඒ හත් දෙනා අන්තිම තේරීමේදි කන්ඩායම ඇතුළට එන ලොකු කැපවීමක් කරනවා.”

රිස්ලාන් පෙන්වා දෙන හැටියට මේ කණ්ඩායමට තේරීම සඳහා විවිධ ක්‍රිකට් ඇති රටවලින් පැමිණි විශාල පිරිසක් උත්සාහ කරමින් සිටියි.ඒ අතරින් කටාර් ජයග්‍රහණයට අවශ්‍යය කණ්ඩායම තෝරා ගැනෙන අතර විවිධ සංස්කෘතීන් සහිත ඒ සියළුම දෙනා කණ්ඩායමක් හැටියට රැඳෙන්නට අවශ්‍යය විනය පවත්වාගෙන යාමේදී එකිනෙකාට දක්වන ගෞරවය ප්‍රධන තැනක් ගන්නා බව පෙන්වා දෙයි.
“මම දැන් භාෂා කිහිපයක් කතා කරනවා.හොඳටම බැරි වුණාට මට අදහස් හුවමාරු කරගන්න පුළුවන්.කෙනෙක්ට එයාගෙ භාෂාවෙන් කතා කරලා තේරුම් කරල දෙන්න පුළුවන් වීම වටින දෙයක්.ඒක ඔහුට කරන ගෞරවයක්.ඒ නිසා අපේ බැදීම් ශක්තිමත් වෙනවා.එකිනෙකා සම්බන්ධයෙන් තියෙන ඒ බැදීම ආදර්ශයක්.ලංකාවෙ මිනිස්සු ලංකාවෙ ඉපදිලා බෙදිලා විනාශ වෙන හැටි දැකලා තියෙනවා.ඒත් අපි කටාර් ක්‍රිකට් කණ්ඩායම ඇතුළෙ එක්නෙකාගේ ආගම්වලට,ජාතිවලට මුල් තැන නොදී එකා වගෙ කටාර් කණ්ඩායමට දායකත්වය ලබා දෙනවා.”

රිස්ලාන් පවසන්නේ කණ්ඩායමේ අරමුණ එකට එක්ව හොඳම දේ කරන්න අවශ්‍යය අනොන්‍යය සහයෝගය පවත්වාගෙන යාම කටාර් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත බවය.
“කටාර් ක්‍රිකට් සමහරවිට සිද්ධ වෙන්නෙ ලංකාවෙනම් හිතන්නවත් බැරි සෙල්සියස් අංශක 40 – 45 වගෙ වෙච්චි උෂ්නත්වයක.හැබැයි මෙහෙට වින්ටර් එකත් එනවා.ඒ දෙකම අහුවෙන්න අපි ක්‍රිඪා කරන නිසා අපිට ඕනෑම අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන්.”

එසේම රිස්ලාන් තව දුරටත් පවසන්නේ ක්‍රිකට් ඉහළ දැමීම සඳහා අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරන්න ද අවස්ථාව ඇති කරන තරඟාවලි කටාර් හී පැවත්වෙන බවය.සහීඩ් අෆ්රිඩී,සහීඩ් අජ්මාල්,අබ්දූල් රසාක්,හසීම් අම්ලා,වැනි ජනප්‍රිය ක්‍රීඩකයින් එම තරගවලට එකතු වන බවය.2019 දී අම්ලා ක්‍රීඩා කළ කණ්ඩායමට නායකත්වය දෙමින් සිය නායක්ත්වය යටතේ තරගාවලිය ජයග්‍රහණය කරන්නට පමණක් නොව එහි වැඩිම හයේ පහර ප්‍රමාණය එල්ල කළ ක්‍රීඩකයා වෙන්නත්,තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙමින්,තරගාවලියේ වීරයා වෙන්නත් රිස්ලාන්ට හැකි වි තිබේ.මේ තත්ත්වයන් යටතේ ඒ තරඟ සඳහා සහභාගිවන දක්ෂ ක්‍රීඩකයින් කටාර් ක්‍රීඩාව ඉහළින් අගය කරන අතර ඉදිරියේදී තව දුරටත් ඒ ඇගයීම්වලට සාධාරණයක් ලෝකය ඉදිරියේ හෙළිදරව් කිරීම සිය අපේක්ෂාව බව ද රිස්ලාන් පවසයි.

“මම 2006 දී ඇවිත් ක්‍රීඩා කරේ ඒෂියන් ක්‍රිකට් ටීම් එකට.ඒකෙන් තමයි මාව කටාර් අය දැන ගත්තෙ.ඊට පස්සෙ මම ගල්ෆාර් අල් මිස්නාඩ් ආයතනයට සම්බන්ධ වුණාට පස්සෙ එතැනම ක්‍රිකට් කණ්ඩායමක් හදනවා.දැන් ඒක ඉතා ඉහළින් තියෙනවා.ආයතනයත් හොඳ වගකීමක් දරනවා.එයාලගේ කීර්තිනාමයට විශාල දෙයක් අපේ ටීම් එක කටාර්වලදි දිනා දෙනවා”

එසේ පවසන රිස්ලාන් ඉතා බාල වියේ සිටම විධිමත් ක්‍රිකටි සම්බන්ධයෙන් සිතූ සහ සැළසුම් කෙරූ ක්‍රිකට් ආදරවන්තයෙකි.ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවේදීම ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස අත්දැකීම් ලබන්නට පටන් ගත් අතර ඇද ආසියානු මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ද අවශ්‍යය සුදුසුකම් සපුරා ගනිමින් ඒ මාවතේ ද ඉදිරියට පැමිණ ඇත.

දැණුම හැකියාව කොතැනකවත් සිර කර තැබිය නොහැකි තරමට ලෝකය කුඩා වී ඇත.ඒ නිසාම ලොකු මිනිස්සු සැඟවිය නොහැකිය.ඒ අරුතෙන් ගත් කළ ලංකාවේ ඉපදුණ මේ මිනිහා ලොකු මිනිසෙක්ය.ආර්ථිකය විසින් ජීවිතය ගැට ගසා ගන්නට කටාර් වෙත තල්ලු කළ ද ඔහුගේ ක්‍රිකට් ආදරය සහ ඊට කළ අවංක කැපවීම ලාංකේය සියලු දෙනාට ආඩම්බර විය හැකි නායකත්වයක් රටකට ලබා දෙන මිනිසෙක් බවට රිස්ලාන්ව නිර්මාණය කර ඇත.අපි ද ඔහුට සුබ පතමු.!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan