ඇමරිකාවේ යළිත් වෙඩි තැබීමක් – 04 ක් මිය ගිහින්

ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය සිව්දෙනා අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔක්ලහෝමා ප්‍රාන්තයේ රෝහලකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය සඳහා ගිනිඅවි දෙකක් භාවිතා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

‍ඇමරිකා එක්සත් ජනපදයෙන් විටින් විට මෙවැනි සිදුවීම් වාර්තා වෙමින් තිබේ. පසුගිය සතියේදී ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 21 ක් මරණයට පත් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...