ඉන්දීය ණය ආධාර යටතේ රසායනික පොහොර ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා එකඟ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වාරිමාර්ග ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ආනයනය කරන බවයි මීට පෙර ආණ්ඩුව ප්‍රකාශ කළේ.
පොහොර තොග ගොඩබෑමෙන් පසු දින 20 ක් තුළ ගොවීන් වෙත පොහොර සැපයීමට කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
UN