වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ තවත් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින්, බන්ධනාගාර කොමසාරිස්වරුන් හතර දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට නව රාජකාරි පවරා තිබේ.

ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.එම්.යූ.ජී.ඒ.කේ. බස්නායක මහතා පත්කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරටයි.

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුරට පත්කර ඇත.

මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස,. බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ධූරයේ මෙතෙක් කටයුතු කළ ආර්.පී.එච්. කුමාර මහතා පත්කර ඇත.

මේ දක්වා බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරි කළ ජේ.සී. වීරසිංහ මහතා කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත.

කර්මාන්ත විෂයභාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න මහතා පුනරුත්තාපන කටයුතු භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

මෙම නව රාජකාරි පැවරීම සිදුකර ඇත්තේ අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...