නව අගවිනිසුරු පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී..

රෂිකා හෙන්නායක ජූලි 31 කොළඹ LNW :

අද ( 31)ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී , නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය පැවතුණු බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාදීකරණය නියෝජනය කරන විනිසුරුවරු, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරු වරුන්ද මෙම උත්සවයට සහභාගි වී තිබෙන බව සඳහන් වේ.

මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා බව සඳහන් කර ඇත.

නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළින් ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු පැවසීය.

නීතිපති පාරින්ද රණසිංහ සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය යන මහත්වරු ද අග විනිසුරුවරයාගේ වෘත්තිය කටයුතු අගයමින් කතා පවත්වනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...