දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW:

ඊයේ (01) සවස් කාලයේදී, ගල්කිස්ස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේ මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර, තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.

ගල්කිස්ස පොලීසිය සදහන් කර සිටියේ, බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි ගල්කිස්ස පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටී.

දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව, සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ප්‍රදේශයෙන් පලාගොස් සිටින එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...