දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW:

ඊයේ (01) සවස් කාලයේදී, ගල්කිස්ස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේ මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර, තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.

ගල්කිස්ස පොලීසිය සදහන් කර සිටියේ, බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි ගල්කිස්ස පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටී.

දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව, සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ප්‍රදේශයෙන් පලාගොස් සිටින එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...