“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

Date:

කොළඹ පිහිටි “සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” හෝටල් සංකීර්ණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රාත්‍රියේ විවෘත කෙරිණි.

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය වන අතර දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන බවත් සඳහන්.

සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ හෝටල් කාමර, ආපන ශාලා පහසුකම් මෙන්ම දැවැන්ත කැසිනෝ ශාලාවකින් ද මෙම ව්‍යාපෘතිය සමන්විත වේ.

ජෝන් කීල්ස් සමාගම මෙම ව්‍යාපෘතියේ හිමිකාරීත්වය දරණ අතර හොංකොං හි ලැයිස්තුගත සමාගමක් වන Melco Resorts & Entertainment Ltd විසින් මෙහි කැසිනෝ ශාලාව පවත්වාගෙන යනු ලබයි. Lawrence Ho Yau Lung නමැති කැසිනෝ ව්‍යාපාරිකයකුට අයත් Melco Resorts & Entertainment Ltd සමාගම “සිටි ඔෆ් ඩ්‍රීම්ස් මැකාවු”, “සිටි ඔෆ් ඩ්‍රීම්ස් මැනිලා” ඇතුළු රටවල් කිහිපයක පිහිටි කැසිනෝ ව්‍යාපාරවල හිමිකාරීත්වය දරණ සමාගමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...