ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

Date:

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු බද්ද 44% සිට 20% දක්වා අඩුකර ගැනීම පිළිබඳ සතුට පළ කරන අතර ඒ සඳහා ඇතිකර ගත් එකඟතා වහා රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.

තීරු බදු අඩුකර ගැනීම සදහා ඇමරිකාව සමඟ ඇති කරගත් “අර්ථවත් වෙළද සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබදව විනිවිද භාවයක් අවශ්‍ය යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි. නාමල් අවධාරණය කරයි.

එවැනි ගිවිසුම් මගින් රටේ ස්වෛරීභාවයට හානිකිරීමට ඉඩ දිය නොහැකි බවයි ඔහු පවසන්නේ.

“ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඇති කරගන්නා සියළු ගිවිසුම් විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. එමෙන්ම එම ගිවිසුම් රටේ ස්වෛරීභාවයට හානි නොකරන බවද සහතික කර ගත යුතුය. එබැවින්, එක්සත් ජනපදය සමග ඇති කරගත් එකගතා පිළිබදව මහජනතාව දැනුවත් කළ යුතුයි.” යනුවෙන් රාජපක්ෂ මහතා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...