ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදෙව්ගේ ‘X’ සමාජ මාධ්‍ය වේදකාවේ පණිවිඩයක් හේතුවෙන් කෝපයට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සබ්මැරීන ස්ථානගත ගත කර ඇති බව වාර්තා වේ.

ස්ථාවර සාමයක් වෙනුවෙන් රුසියාවේ කිසිදු උනන්දුවක් නොවීමත්, සාකච්ජා වෙනුවෙන් ඉදිරිපත් නොවීමත්, දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර දියත් කිරීමත් හේතුවෙන් ජනධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව සම්බාධක සහ වෙනත් මූල්‍ය දඬුවම් පැනවීමට සූදානම් බව ප්‍රකාශ කිරීම සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදෙව්ගේ ‘X’ සමාජ මාධ්‍ය වේදකාවේ සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් රුසියාව සමඟ ක්‍රීඩාවක නිරතවන බවත්, ඔහු කරුණු දෙකක් මතකතබා ගතයුතු බවත්, ඉන් පළමුවැන්න රුසියාව ඊශ්‍රායලය හෝ ඉරානය පවා නොවන බවත්, දෙවැන්න සෑම නව අවසාන නිවේදනයක්ම තර්ජනයක් සහ යුද්ධයක් කරා යන පියවරක් වන බවත්ය.

මෙම නිවේදනයෙන් ප්‍රකෝපයට පත් ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social වේදිකාවේ සඳහන් කර තිබුණේ, මෙඩ්වදෙව්ගේ ප්‍රකාශය ඉතා ප්‍රකෝපකාරී ප්‍රකාශයක් වන බවත්, රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට තමා සුදානම් බවත්, ඒ වෙනුවෙන් න්‍යෂ්ටික සබ්මැරීන නැවත ස්ථානගත කිරීමට තීරණය කළ බවත්ය.

කෙසේ නමුත් මේ සමබන්ධයෙන් ජනාධිපති පුටින් මේ වන විට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...

මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ගමේ මරණාධාර සමිතියේ පවා බලය අල්ලන්න පැලවත්තෙන් ආඥාවක් නිකුත් කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්...