ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයකට දින දෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කළ බව පැවසේ. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කල නඩුව සම්බන්ධයෙනි.

අද (04) දින මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය දැනුම් දුන්නේ එම නියෝගය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියේ පලමු සැකකරු ලෙස පෙත්සම්කාර ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නම් කර තිබේ.

වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සැකකරු සඳහන් කරයි,

ඒ අනුව තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝග ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...