අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. ඒ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අද (04) දින සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඒ අනුව එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් මාසිකව රුපියල් 50,000ක මුදලක් බැගින් ඉල්ලා තිබෙන අතර, ඉන් රුපියල් 47,000ක මුදලක් ලබා ගත් අවස්ථාවේදී ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බව වාර්තා වේ.