කොරේ පිටට මරේ ! : BYD බදු වංචාව පත්තු වෙන අස්සේ JKH ලාට COD නිසා තවත් බිලියන 15ක් ගෙවන්න වෙයිද ?

Date:

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” නමින් මීට දින කිහිපයකට පෙර කොළඹදී විවෘත කෙරුණු කැසිනෝ ශාලාවට අදාළව නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (05) කැඳවීමට නියමිත බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතියට අදාළව මීට වසර ගණනකට පෙර එළඹුණු ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගමේ හිමිකරු වන රවී විජේරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර අද දිනයේදී එම නඩුව පළමුවරට අධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.

මෙහි පළමු වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමත්, දෙවැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංස් PLC සමාගමත් තුන්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් Melco Resorts & Entertainment Ltd නමැති හොංකොං හි ලැයිස්තුගත සමාගමත්, සිව්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් බ්ලූ හෙවන් සර්විසස් පුද්ගලික සමාගමත් නම්කර ඇති බව සඳහන්.

මෙම ගිවිසුම කඩකිරීමෙන් තමන්ට සිදුවුණු අගතිය සඳහා රුපියල් බිලියන 15 ක මුදලක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන මෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගම මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා විය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ හර්ෂ කබ්‍රාල් මහතා පෙනී සිටීමට නියමිත ය.

මීට අමතරව BYD වාහන ගෙන්වීමේදී අඩුවෙන් බදු ගෙවා වාහන නිදහස් කරගැනීමක් සම්බන්ධයෙන් ද ජෝන් කීල්ස් සමාගමට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශනයෙන් ඔවුන් වරදකරුවන් වුවහොත් දැනට ගෙන්වා ඇති සහ නිදහස් කරගෙනත් ඇති වාහනවල එකතුව වශයෙන් වාහන 2000 කට පමණ අදාළව රුපියල් බිලියන 10ක පමණ හිඟ බදු මුදලකුත් ඊට අදාළව දඩ පැනවීමක් සිදුකළහොත් අදාළ වටිනාකම මෙන් තුන් ගුණයක් හෙවත් තවත් රුපියල් බිලියන 30ක පමණ දඩයකුත් ගෙවීමට සිදුවනු ඇති බවට වාහන ආනයන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...

පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය...

වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා…!

අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව...