හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත නිදහස්

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ඇප මත මුදාහැරීමට ඊයේ (06) නියම කර ඇති බව සඳහන්.

ඉහත සිද්ධියට අදාළව විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව CIDය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය 28 වනදා ය.

රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර මහර මහේස්ත්‍රාත්වරයා එම රෝහලට ගොස් ඔහුව පරීක්ෂාකොට අගෝස්තු 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...