අශෝක ජයතුංග e කොළම.

Date:


🍎මහ බැංකුව හා කන්ටේනර් වංචාත් පරදන මහා විදුලි හොරකම….?
🍎හේතුවක් නැතිව පැමිණ ජනපති මැතිසබයේ ඩෝබි පාට් රැගීම….?
🍎වසර 10 බදු නිදහසටත් එදා එරෙහිවූ කෙනාගෙ වසර 35 ක 100% බදු කප්පාදුව…?
🍎ආණ්ඩුව බස් ගෙනා බවට මරහඩ දුන් ඩෝබිලාගේ රෙදි ගැලවීම…..?
🍎කැසිනෝ පතුරු ගසා නිර්ලජ්ජිතව කැසිනෝ විවෘත කිරීම…..?
🍎තරුණයන් සමග ගැටුමට ගොස් අරගල වචනය යළි කැදවීම…..?
🍎තරුණ පරපුරෙන් ආණ්ඩුවට ලනුවක්…..?
🍎2048 රට ගොඩගන්නා රනිල්ට හිනා වු මාළිමාව 2045 ගැන කීමේ විහිළුව.
🍎රටට මහා පච කියන විදේශ ඇමති ලෝකයට කියන දේ…..?
🍎රොකට් හා චන්ද්‍රිකාවක වෙනස නොදත් ඩෝබිලා…?
🍎චිචී ට එල්ලවූ මාළිමා පචයේ ඇත්ත එළිවීම….?
🍎මාසිකව ජනතා මුදල් ලක්ෂ 1000 ක් මාළිමා ගිණුමට…..?
🍎පච කී නි: ඇමති රැකලා පච වූ නි: ඇමති ආචාරියා…?
🍎රටට කැපවූ මිනිසුන්ට අස්වැසුම දෙන්නට කතා කිරීමේ පහත් මානසිකත්වය.
🍎පොලීසියේ රජයන කැකිල්ලේ ක්‍රමය….?

මාස 10 ක් ආණ්ඩුව රටට යමක් නොකලත් ඉදිරියට ගියේය. යෞවන සමාජ වලට අතදමා ගැටුම් හදාගත්තේ ඇමතිලාට එල්ලවූ හු හඬ මැදය. තරුණයන් කොළඔ එනවා යන රාවය ආණ්ඩුව හා ඩෝබිලා සසල කළහ. එය ගිල්ලු ලනුවක් ලෙස ද විග්‍රහ වේ. ආරක්ෂක අංශ සීරුවෙන් තැබුවේ තරුණයන් ත්‍රස්තයන් කරලාය. කොටියා එනවා යයි කෑගැසූව ද කොටියා එන්නේ නොකියාය. රනිල් රට 2048 දී හදන බව කීවිට කොචොක් කළ ද දැන් ටිල්වින් කියන්නේ 2045 දී රට ගොඩ ගන්නට ට්‍රයි කරන බවය. චිචීගේ රොකට්ටුවට ඩො මිලි 320 ක් වැයකළ බව ජවිපෙ මරහඩ දුන් එකකි. ඊට රටේ මුදල් වැයවී නැතිබව හරිනි එළිකල විට කොළඔ එන තරුණයන්ට ද තග දමමින් සිටි ඩෝබිලා වැටුණේ අශුචි වලකට ය.


ජවිපෙ ගිණුමට පාර්ලිමේන්තුවෙන් මසකට රු ලක්ෂ 477 ක් යන බවත් පළාත් ආයතන එක්කලවිට එය ලක්ෂ 1000 ක් බවත් කියවේ. බදු නොගෙවන එම ගිණුමට එරෙහිව උසාවි යන බව එළිවුවේ ගාල්ලේ දීය.වෙන පක්ෂයක් මෙවැන්නක් කළා නම් ජවිපෙ හා කාඩරය රගන රැගිල්ල සිතාගත නොහැකිය.


බොරු කීම මේ ආණ්ඩුවේ තේමාව බව සැවොම කියති. ජනපතිගේ සිට පහළට බොරු කියන්නේ තරගයට මෙනි. විදේශ ඇමති බොරු නොකීම ලෝක සම්ප්‍රධාය වුවත් සංචාරක ව්‍යාපාරයෙන් ඩො බිලියන 3.7 ක් පළමු කාර්තුවේ උපයා ඇතැයි ඔහු කීම පට්ටපල් බොරුවක් බව සනාථ කළේ නියෝජ්‍ය ඇමතිය.ඩො බිලි 1.7 ක් 3.7 ලෙස කීම තුළ ඇමති ලෝකයටද බොරු කියයි නම් රට පවතින්නේ අවධානමකය. වත්මන් වර්ධන වේගය 8.5 බවකී නියෝජ්‍ය ඇමතිවරයෙකු බේරීමට ආචාර්ය නි: ඇමතියෙකු රෙදි ලිහාගෙන රට ඉදිරියේ ලැජ්ජාවීම ද පුදුම සහගතය.


මහබැංකු වංචාව අභිභවා කන්ටේනර් වංචාව තිබෙන බව මේ ආණ්ඩුවට චෝදනා එද්දී රු බිලි 2900 ක එනම් කෝටි දෙලක්ෂ අනූ දහසක මහා වංචාවක් සදහා කැබිනට් අනුමැතිය මෙම රජය පත්වී මාස දෙකක් තුළ පසුගිය ජනවාරයේ දි සිදුව තිබීම අදහාගත නොහැක්කකි. කෙරවලපිටිය සහස්දනවි විදුලි ව්‍යාපෘතියේ එම චෝදනාව ගැන නිහඩවීම ද පුදුමය.ඇමෙරිකානු ඩොලරය රු 198 හා ඩීසල් ලීටරය රු 110 ලෙස ව්‍යාජ ලෙස ගණන් හදා රු 72 ක් වන එහි නිපදවන විදුලි ඒකකය රු 20 බව සදහන් කිරීම ද අදහාගත නොහැකිය.


ලොරි චැසි වෙනුවට මාළිමාව ලංකාවට සුපිරි බස් ගෙනා බව ඩෝබිලා බුකිය පතුරු ගැසුවේය. ඒවා සමාගමක් ගෙනා බව කී අයට කුණු හරුපෙන් බැන සමාගමේ ප්‍රකාශ පෙන්වන ලෙස ද අභියෝග කල ඩෝබිලාට නිකිත ග්‍රේරෝ සමාගමෙන් කණ පැලෙන පිළිතුරු ලැබිණ.


මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපතිලාගේ පහසුකම් හා ආරක්ෂාව කපා කොටි ඩයස්පෝරාව සතුටු කිරීමට මාළිමාවේ උත්සාහය ජනතා පිළිකුලට පාත්‍රව තිබේ. අතීතයට බලපාන ලෙස එය කළ නොහැකි බව කියතත් අධිකරණ ඇමති හා උපදෙස් දෙන නීති අංශ ඒ සදහා දැඩි අවධානය දක්වයි. හිටපු ජනපතිලා හා මන්ත්‍රීලාට අස්වැසුම දෙන්නට කතාකල ඇමති වසන්තට සමාජ විරෝධයක් උදාවී රටට වැඩ කල මිනිසුන් හෑල්ලුවට ලක්කල බවට චෝදනා එල්ලවේ.


එදා කැසිනෝ වලින් රට වනසන බවට මරහඩ දුන් අනුර ජනපති විශාලම කැසිනෝව සහිත හෝටල් විවෘත කිරීම දෛවයේ සරදමකි. ආයෝජකයන්ට එකල බදු සහන වසර 10 ක් දී කැදවන විට මොරදුන් අනුර පෝට්සිටි සමාගම් වලට වසර 35 ක බදු 100% ම නිදහස් කිරීම තුළ ද ඔවුන් එදා කළේ රටේ දියුණුව නවතන වැඩ බව ඔහු විසින්ම ඔප්පු කළේය. හේතුවක් නැතිව පැමිණ ජනපති මැතිසබයේ පැය ගණන් සෝදන්නේ රටට වැඩක් නොකෙරුන ද ආණ්ඩුව හොදටම නාන නිසාද..? ඔහුත් ඩෝබි පාට් එකට ඇදීම ඛේදවාචකයකි.


රනිල්ගේ අකමැත්තෙන් එවකට පොලිස් ඇමති ටිරාන් හා පොහොට්ටු බලපෑමට පත්කල දේශබන්දු පන්නන යෝජනාව සම්මත කෙරිණ. පාස්කු තොරතුර පොලිස්පතිට හා එවකට ද ඉහළ නිළවල සිටි රවි සෙනවිරත්නට හා ශානිට ලබදුන් නිලන්ත ගෙදරය. රවි ශානි හා එදා පොලිස් ඇමති ආරක්ෂිතව සිටීම කැකිල්ලේ ක්‍රමයත් පරදන එකක් බව නම් ඒකාන්තය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

සැප බස් නැව් ගණන් ලංකාවට බැස්සවූ කොලු ව්‍යවසායකයා නිකිත…..!

අශෝක ජයතුංග වොෂින්ටන් DC LNW : 🍎සැප බස් නැව් ගණන්...

ළඟදීම ඇත්ත එළිවෙයි – චිචිගේ සුප්‍රීම් සැට් ගැන ආණ්ඩුව දැන් කියන කතාව!

කොළඹ LNW:විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය...

2025 ලෝක රොබෝ සම්මේලනය ඇරඹේ!

කොළඹ LNW: දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ...