එක්සත් රාජධානියේ පළමු ශාක පදනම් කරගත් බිත්තරය වෙළඳපොළට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනක පර්යේෂණයන්ගෙන් අනතුරුව එක්සත් රාජධානිය එහි පළමු ශාක පදනම් කරගත් බිත්තරය වෙළඳපොළට නිකුත්කර තිබේ.

Just Egg වශයෙන් නම්කර ඇති මෙම බිත්තරය වීගන් ආහාර සමූහයේ සභාපති මැතිව් ග්ලෝවර් ප්‍රමුඛ කණ්ඩායම නිර්මාණය කර ඇති අතර ඔහු පවසන්නේ මෙම බිත්තරය මුං ඇට වලින් නිර්මාණය කර ඇති බවයි.

පෙනුමෙන්, පිසීමෙන් සහ රසයෙන් සාම්ප්‍රදායික බිත්තර වලට සමාන බවත් මෙම නිෂ්පාදනයේ කාලෝචිත පැමිණීම වඩාත් තිරසාර, අසාත්මිකතා හිතකාමී හෝ ශාකමත පදනම් ආහාර වේල් ගවේෂණය කරන අය වෙනුවෙන් අතිශය වැදගත්වන වනු ඇත.

එක්සත් රාජධානිය ලෝකයේ ඉහළම අසාත්මිකතා තත්ත්වයන්ගෙන් පෙළෙන අය සිටින අතර බ්‍රිතාන්‍ය වැඩිහිටියන්ගෙන් 44% ක් විශ්මයජනක ලෙස අවම වශයෙන් එක් අසාත්මිකතාවයකින් පෙලේ, ඒ අනුව, 20 දෙනෙකුගෙන් 1 දෙනෙකු බිත්තර හේතුවෙන් අසාත්මිකතාවන්ට මුහුණ දේ.

මිට අමතරව එක්සත් රාජධානියේ ගංගාවල දූෂණයෙන් සියයට 40 කට වඩා පැමිණෙන්නේ බිත්තර නිෂ්පාදනය සහ කුකුළු මස් නිෂ්පාදනයන් බව මැතිව් ග්ලෝවර් ප්‍රකාශ කරන අතර මෙම විගන් බිත්තරය සමඟ අපට එවැනි දූෂණ ගැටලු මගහරවාගත හැකි බවට විශ්වාස කරන අතර එබැවින් බ්‍රිතාන්‍යයන් මුහුණදී සිටින ජීවන වියදම් පීඩන, තිරසාරභාවය පිළිබඳ ගැටළු සහ සෞඛ්‍ය සම්පන්න නමුත් දැරිය හැකි ආහාර විකල්ප සමඟ පොරබදමින් සිටින බැවින්, ශාක පදනම් කරගත් බිත්තරයක් පැමිණීම කාලෝචිත ආශීර්වාදයක් විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...