හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක් ගන්න ප්‍රභේද හොයාගත්තා. බත් කන්න විතරක් නෙවෙයි වීවලින් බියරුත් හදලා හාල් පිටරටත් යවනවා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක අස්වැන්නක් ලබාගත හැකි වී ප්‍රභේද ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් මේ වනවිට සොයාගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේදී බතට පමණක් නොව වීවලින් සත්ව ආහාර නිෂ්පාදනය, බියර් නිෂ්පාදනය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදනයන් ද සිදුකරන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

”ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය වෙන මැෂින් ටික අපි එකින් එකට ගන්නවා. ඔය එහා පැත්තෙ මහව ගත්තොත් ගලි බවුසරයක් ගන්නවා, මෝටර් ග්‍රේඩරයක් ගන්නවා ප්‍රාදේශීය සභාවට. ඊළඟට පොල්පිතිගම ගත්තොත් මෝටර් ග්‍රේඩරයක් ගන්නවා. මේවා පිළිවෙලට හදනවා, බය වෙන්න එපා.

අද අපේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා හෙක්ටරයාර් එකකින් වී කිලෝ 12000ක් ගන්න පුළුවන් වී ප්‍රභේද. සන්තෝස නැද්ද ? අඩේ ගහපියව් ඒකටවත් අප්පුඩියක් මං කියන්නෙ. මුං මාර බඩුනෙ මං කියන්නෙ … අපේ රටේ විද්‍යාඥයෝ … අද අපි හෙක්ටයාර් එක්කින් වී කිලෝ කීයක්ද ගන්නෙ ? අක්කර දෙකහමාරකින් ? කවුරුහරි කියහංකෝ … 4000 නෙ ගන්නෙ ? 4000 යි. එහෙම නම් කිලෝ 12000ක් ගන්න පුළුවන් වී ප්‍රභේද අපෙ විද්‍යාඥයෝ හොයාගත්තා කිව්වාම එන්න ඕනෙ නැද්ද පටගාලා අප්පුඩියක් ? අනිවාර්යයෙන් වී වගාව අපි උඩට උස්සනවා. එතකොට අපි වී නිෂ්පාදනය කරන්නෙ බත් කන්ඩ විතරක් නෙවෙයි. වී වලින් සත්තුන්ට කන්ඩ දෙන්න පුළුවන්, බියර්වලට දෙන්න පුළුවන්, පාන් පිටිවලට ආදේශකයක් විදියට යන්න පුළුවන්, ඒ වගේම තමයි ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගත්තු නිෂ්පාදන ක්‍රියාවලියකටත් අපි යන්න ඕනෙකම තියෙනවා. ඒකට අපට කන්න තුන හතරක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති උස්ගල, සියඹලන්ගමුව වැව් ඇළවේලි පද්ධතිය පිළිසකර කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...