මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීන්දුව ගැන නැවත සලකා බලන මෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.


මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය ලබති. ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන්ම ජීවත් වන සෑහෙන දිළිඳු තැනැත්තන් බව පැවසූ කරු ජයසූරිය, මේ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනකු ද සිටින බවද අවධාරණය කළේය.

මහජන නියෝජිතයන් ලෙස පත්වන තැනැත්තන් සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බැවින් ඉතා අසීරුවෙන් දිවිගෙවන මෙම පිරිස් ගැන කරුණා සහගතව ක්‍රියා කළ යුතු යැයි පැවසූ හිටපු කතානායකවරයා විශ්‍රාමික මහජන මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය සහ යුරෝපය ආදී බොහෝ රටවල සිදුවන කටයුත්තක් බවද සඳහන් කළේය.

ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් ආහාර සහ ඖෂධ ලබාගන්නේද මෙම විශ්‍රාම වැටුපෙන් බවද ඔහු පැවසීය.

ආණ්ඩුව විශ්‍රාම වැටුප සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පෙර මෙම කරුණු ගැන ද අවධානය දැක්විය යුතු යැයි කරු ජයසූරිය වැඩිදුරටත් කීය.

TheLeader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුරුදු 5කින් කරන්න තියෙන දේ අවුරුද්දෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී...

අඩු පීඩන කලාපයේ බලපෑම දුර්වල වෙයි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන...

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...