2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW:

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ගුවන්ගමන් වාරවල සියයට 16ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. ඒ අනුව ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල සියයට 17 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර දේශීය ගුවන්ගමන් වාරවලද සියයට 10  ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල වර්ධනයේ වැඩිම අගය මාර්තු මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 22 කි. තවද දේශීය ගුවන් ගමන් වාර වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 38 වර්ධනයකි.

ගුවන් තොටුපොල අධිකාරිය පෙන්වා දෙන්නේ, ඉදිරි සංචාරක සමය ආරම්භයත් සමග ගුවන් ගමන් වාර තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...