ඇඩොල්ෆ්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ නවාතැන් ගෙන සිටීමේ සිදුවීමට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ. ඊට හේතුව, ජනාධිපතිධුරය සහ එහි වරප්‍රසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන මතය නම් නොවන බව සඳහන්කළ යුතු ය.
වගවීම යනු කිසිසේත්ම සාකච්ඡා මාර්ගවලින් පැනගොස් මඟහැරිය නොහැකි ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණක්වන අතර, මෙම සිදුවීම රටේ ඉහළම තනතුරට හිමි ගරුත්වය අනතුරේ හෙලීමේ අවදානමක් ඇතිකළ හැකි ය.
මෙහි දී සැලකිල්ලට ගෙන තිබෙන කරුණ වන්නේ රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් ගමන “නිල සංචාරයක්” ද, නැතිනම් “පෞද්ගලික ගමනක්” ද යන වගයි. මේ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන අය පවසන්නේ මහජන මුදල් අවභාවිතාවක් මෙහි දී සිදුව ඇති බවයි. කෙසේවෙතත්, මෙම තර්කය ඉතාමත් වැදගත් යතාර්ථයක් මඟහරිමින් සිටියි – ජනාධිපතිවරයකු තම ධුරය කැමැත්තෙන් අතහරින්නේ නැත. ඔහු සිටින්නේ කොළඹ ද, නිව්යෝර්ක් නගරයේ ද, ලන්ඩන් නුවර ද යන වග නොව, ජනාධිපතිවරයා යනු රටේ රාජ්‍ය නායකයාවන අතර, විවිධ කාර්යභාරයන්, ආරක්ෂක විධිවිධාන, සහ සුවිශේෂී වගකීම් එම තනතුර සමඟ බැඳී පවතියි. සහමුලින්ම “පෞද්ගලික” ජනාධිපති සංචාරයක් කියා දෙයක් මෙලොව ඇත්තේ නැත.
එක්සත් ජනපදයේ, එක්සත් රාජධානයේ, ඉන්දියාවේ හෝ කුමන් රටක වූව ද, රාජ්‍ය නායකයකු භාවිතයෙන් නිල සංචාර අතරතුර පෞද්ගලික කරුණු සඳහා කාලය වෙන් කිරීම සාමාන්‍ය දෙයකි. ඔවුන් ඒ අතරවාරයේ හිතමිතුරන් හමුවීමට, විවිධ අවස්ථාවන්ට සහභාගීවීමට, හෝ විවේකීව කාලය ගතකිරීමට කාලය වෙන්කරනවා විය හැකි ය. එසේ කළ ද, ජනාධිපතිවරයකු ලෙස ඔවුන් සතු තනතුරෙහි වෙනසක් සිදුවන්නේ නැත. එම පුද්ගලයා සහ තනතුර එකිනෙකින් වෙන්කළ නොහැකි නිසා, ආරක්ෂාව, සැපයුම්, සහ ප්‍රමුඛතාවය ලබාදෙන දෑ සඳහා යන වැයවන වියදම් වැළැක්විය නොහැකි ය. මෙම මූලධර්මය අපරාධයක් සේ සැලකීමට, හෝ යළි සලකා බැලීමට කටයුතු කිරීම තුළින් සමස්ත ජනාධිපතිධුරය කෙරේම පවතින වටිනාකම හෑල්ලු වීමේ අවදානමක් මතුවේ.
මින් අදහස් කෙරෙන්නේ මහජන මුදල් පරිභෝජනයවන අන්දම පිළිබඳ නොසලකා හරින මෙන් නොවේ. විනිවිදභාවය සහ පැහැදිලි නීති අත්‍යාවශ්‍යයි. නිල වැඩකටයුත්තක් යනු කුමක්ද සහ වියදම් දැරීම සිදුවේ නම් ඉන් කොපමණ ප්‍රමාණයක් පෞද්ගලිකව දැරිය යුත්තේ ද යන්න දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇත. නමුත් අධීක්ෂණය සහ දේශපාලනික වශයෙන් ලකුණු දමා ගැනීම යන කරුණු දෙක අතර පවතින වැට පැනීම නුසුදුසු ක්‍රියාවකි. නවාතැන් ගැනීම මත පදනම් ව හිටපු ජනාධිපතිවරයකු රහස් පොලීසියට කුදලාගෙන යෑම වගවීම සහතික නොකරන අතර, ආයතනික ගරුත්වය පළුදු කර දැමීමකි.
මෙම සිදුවීම් දාමයේ අසංගතික ස්වරූපයක් පවතින බව ද සඳහන්කළ යුතු ය. ශ්‍රී ලංකාවේ බොහෝ හිටපු ජනාධිපතිවරුන් පෞද්ගලික අවශ්‍යතා සඳහා ගමන්බිමන්වල යෙදී ඇත, පවුල් කටයුතු සඳහා විදෙස්ගත වී ඇත, පෞද්ගලික හේතු මත නිල විදෙස් සංචාර දීර්ඝ කරගෙන ඇත. එහෙත්, මේ තරම් අවධානයක් යොමුව ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් අතලොස්සකට පමණි.
වික්‍රමසිංහ විශේෂ වන්නේ කෙසේ ද?
ප්‍රතිපත්තියක් ලෙස මෙම අවධානය යොමුකරන්නේ නම්, වික්‍රමසිංහට සාධාරණයක් අත්වීම පිණිස මෙන්ම, මෙය දේශපාලන පළිගැනීමක් නොවන බවට සහතික වීමට, සෑම දෙනෙකුටම එම ප්‍රතිපත්තිය පොදුවේ ක්‍රියාත්මකකළ යුතු ය. ඒ අනුව, සියලු හිටපු ජනාධිපතිවරුන්ගේ ගමන්බිමන් පිළිබඳ මෙසේ සොයා බැලීමට කටයුතුකළ යුතු අතර, වත්මන් ජනාධිපතිවරයාට ද එය වලංගුවිය යුතු ය. එසේ නොවන තුරාවට මෙය හුදෙක් තෝරාගත් යුක්තියක් පමණක්වනු ඇති අතර, වගවීම දේශපාලනික අවියක් ලෙස භාවිතාවන බවට වූ මතවාදය තවදුරටත් ශක්තිමත්වනු ඇත.
එමෙන්ම, මෙමඟින් ජාත්‍යන්තරයට ඉතාම අහිතකර පණිවිඩයක් ලබාදෙනු ඇත. රාජ්‍ය නායකයන්ට, තම ධුරයන්ගේ රැඳී සිටිය දී කරනු ලබන ක්‍රියාවන් පසුව ජනතා අප්‍රසාදයට ලක්නොවන ආකාරයෙන් සිදුකිරීමට හැකි බවට වූ විශ්වාසයෙන් යුතුව සංචාරයන්වල නිරතවීමට හැකිවිය යුතු ය. ජනාධිපතිධුරය සාමාන්‍ය තනතුරක් සේ සලකනු ලැබුවහොත්, ධුරකාලය අවසන් වීමෙන් අනතුරුව ඊට හිමි ගෞරවය අහිමි වී යනු ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව ජනාධිපතිධුරයට ලබාදෙන අධිකාරී බලය සහ විශ්වාසනීයත්වය හීන වී යනු ඇත.
වඩාත් ඵලදායී විකල්පයක් වනුයේ, පැහැදිලි රාමුවක් ස්ථාපිත කිරීමයි. ඒ අනුව, ජනාධිපති සංචාර සඳහා නීතිරීති සකස් කිරීම, වියදම් පිළිබඳ විනිවිදභාවයෙන් යුතු වාර්තා ඉදිරිපත් කිරීම සහතික කිරීම, සහ පැහැදිලිව ම පෞද්ගලික අවශ්‍යතාමත සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සඳහා අර්ධ වශයෙන් ප්‍රතිපූරණය ඉල්ලා සිටීම ඊට ඇතුළත්කළ හැකි ය. ඒ අයුරින්, ඉදිරියේ දී බලයට පැමිණෙන ජනාධිපතිවරුන් පැහැදිලි සීමාවන්තුළ සිය බලය භාවිතා කරනු ඇති අතර, නීතිය අවියක් බවට පත්නොවී වගවීම තහවුරු කෙරෙනු ඇත.
නවාතැන් ගැනීම මත හිටපු ජනාධිපතිවරයකු කැඳවීම තුළින් වගවීම සුළුකොට තැකීමට ලක්වනු ඇත. තෝරාගත් යුක්තිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොවනු ඇත – එය තවත් දුර්වලවීම පමණක් සිදුවනු ඇත. එමඟින් මිනිසුන් අතර නුරුස්නා බව ඉහළ යනු ඇති අතර, මෙරට ආයතන කෙරේ පවතින විශ්වාසය තවදුරටත් පළුදු වී යනු ඇත. වගවීම ඉලක්කය වීමට නම්, එය විශ්වීයවිය යුතු ය, සාධාරණවිය යුතු ය, නිර්දේශපාලනික විය යුතු ය. එසේ නොවන තුරාවට, මෙම ව්‍යායාමය හුදෙක් පළිගැනීමක් මිස යුක්තිය ඉටු කිරීමක් නොවනු ඇත.