අපි දිගින් දිගටම වැරදි කළා – වියත්මගේ ගොඩහේවා උද්වේගකර පාපොච්ඡාරණයක (VIDEO)

Date:

වත්මන් ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව පැහැදිලිවම වගකිව යුතු බවත් තමන් ඇතුළු එම ආණ්ඩුව දිගින් දිගටම වැරදි කළ බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

“අද මේ තියෙන අර්බුදයට වර්තමාන ආණ්ඩුව වගකියන්නට ඕනෙ. ප්‍රශ්න විසඳාගන්න බැරිවෙච්ච එක, මේ අර්බුදය කලින් දැකලා වළක්වාගන්න බැරිවෙච්ච එක ගැන වර්තමාන ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනෙ. ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා අලුත් කණ්ඩායමක්, අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා විශාල වෙනසක් කරාවි කියලා. නමුත් ඊටපස්සෙත් මේ ප්‍රශ්න නතර වුණේ නෑ. අපි දිගින් දිගටම වැරදි කළා. පටන් ගන්නකොටම ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න කිසිසේත්ම සම්බන්ධ වෙච්ච නැති පුද්ගලයෙක් ගෙනල්ලා, ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්කරලා භාණ්ඩාගාරය මහබැංකුව මේ සියල්ල පාලනය කරන්න පුළුවන් තත්වයක් අපි ඇතිකරලා දුන්නා. අද ඒ අය කරපු වැරදි ගැන අපි කතා කරන්නෙ නෑ. ඒ අය ගත්තු තීන්දු තීරණ නිසා තමයි අද රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නෙ. කවුද ගත්තෙ මේ බදු අඩුකරන තීන්දුව ?”

නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) පස්වරු...

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...