CIDයට අල්ලන්න බැරි ජොනීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් !

Date:

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මයිනාගෝගමට සහ ගෝටාගෝගමට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් තමන්ව නම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එසේ තමන්ව අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි හෙයින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතා සිය පෙත්සමෙන් අයදුම් කර ඇති බව සඳහන්.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවට පොලිසිය ප්‍රකාශ කළත් මෙතෙක් දින ගණනක් තිස්සේම ඔහුව අත් අඩංගුවට ගැනීමට CIDයට කිසිදු හැකියාවක් ලැබී නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...