තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW:

අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත, තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය මෙලෙස අවසන් කර ඇති අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරිපත් කළ මූලික කරුණු 19යෙන් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා ඇමතිවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවය.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේ,

”රජයේ පොදු ප්‍රතිපත්තියක් වන ඇඟිලි සලකුණු පාවිච්චි නොකිරීමට අපේ කිසිඳු අදහසක් නෑ. හැමදාමත් වසර ගණනාවක් තිස්සේ ඇඟිලි සලකුණු පවත්වාගෙන ගියපු කාර්යාලවල ඒ ආකාරයෙන්ම ඇඟිලි සලකුණු පවත්වාගෙන යනවා. මේ මොහොතේ මධ්‍ය තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම සහ ඊට සම්බන්ධ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ අනුව අපි ඉදිරි සති කිහිපය තුළ බලනවා රාජකාරි කිරීමේදී මෙහිදී ඇතිවන ගැටළු මොනවද කියන එක. ඒ ගැටළුත් එක්ක අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. කෙසේ වෙතත් ඉදිරිපත් කරන ලද විසඳුම් යෝජනා ඉතා කඩිනමින් ක්‍රියාත්මක කර ගැනීමට අපි නැවතත් සාකච්ඡා කරමින් ඉදිරියට විමර්ශනය කරමින් කටයුතු කරනවා. මේ වැඩවර්ජනය තුළ මහජනතාවට කිසියම් අපහසුතාවයක් වුණා නම් ඒ අපහසුතාවය පිළිබඳව අපේ කණගාටුව සහ සමාව අපි අයදිනවා. කෙසේ වෙතත් මේ වැඩවර්ජනයේ මූලික අරමුණ වුණේ මේ මහජන ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුව රැක ගැනීම. මහජනතාවගේ පැත්තෙන් කළ යුතු යුතුකමක් ඒක. ඒ යුතුකම අපි ඉටු කළා. එහිදී කිසියම් අපහසුතාවයක් හා හෝ හිත් රිදීමක් සිදු වුණා නම් ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ප්‍රණාමය ඒ වගේම අපේ කණගාටුව මේ අවස්ථාවේදී පුද කරනවා.”

අද (24) දින වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී මෙම තීරණ ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...