නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW:

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව ,රුපියල් කෝටි වටිනා අති නවීනත ජංගම දුරකථන තොගයක්, මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොලේ හරිත මාවත පරිශ්‍රයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාම කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු 24 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.

අනෙක් පුද්ගලයා 32 හැවිරිදි කර්මාන්තශාලාවක වැඩ සුපරීක්ෂකවරයෙක් වන අතර, ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු‍ 03ක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයාගත් බවයි වඩිදුරටත් වාර්තා වන්නේ.