නවය නපුරුද ?

Date:

අද, ජුනි 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණේය.

මීට මාසයකට පෙර මැයි 09 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුණේය. වඩාත් නිවැරදිව කිවහොත් ඉල්ලා අස්වීමට සිදුවුණේය. එම ඉල්ලා අස්වීමට පෙර තම අනුගාමිකයින් අරලියගහ මන්දිරයට කැඳවා සිදුකළ නොමනා ක්‍රියාව නිසා එදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල ගණනකට නිවාස අහිමි විය.

ඊටත් වඩා බරපතළ ලෙස පසුගිය මැයි 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඝාතනයට ද ලක්විය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තේ ද ජුනි 09 වෙනිදාවක ය. ඒ, මීට වසර දෙකකට පෙර 2020 ජුනි 09 වෙනිදා ය.

මේ ආකාරයෙන් බලන කල 09 වෙනිදාව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට නපුරු ද යන ප්‍රශ්නය නැඟේ.

ඊට සමගාමීව ම නැඟෙන්නේ ජුලි 09 වෙනිදාට ඉවත් වන්නේ හෝ ඉවත් වන්නට සිදුවන්නේ කාටද කියා ය ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...