අහදාබාද් අස්වැන්නේ රිදී සහ ලෝකඩ සම වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 30, කොළඹ LNW:


ඉන්දියාවේ අහදාබාද් හී ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉස්ලීමේ තරගාවලය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන ලද රිදී පදක්කම් ප්‍රමාණය සහ ලෝකඩ පදක්කම් ප්‍රමාණය සම තත්ත්වයට පත්ව තිබෙනවා.රදි පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් පහක්ව තිබුණ ශ්‍රී ලංකාවේ පදක්කම් අස්වැන්න මේ වන විට රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් හතක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා පදක්කම් සටහනට අලුතෙන් එකතු වුණ රිදී පදක්කම් තුනම තරගකාරියන් විසින් දිනා දෙන්නට සමත් වුණා.කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරග වැදුණ කාන්තා යොවුන් අංශය නියෝජනය කළ සෙව්වන්දි පතිරණ ස්නැච් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රම මඟින් මළු බර කිලෝ ග්‍රෑම් 133 ක් ඔසවා එම රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වුණා.


එසේම කිලෝ ග්‍රෑම් 69 බර පංතිය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග වැදුණ දුලානි තුෂාලා කිලෝ ග්‍රෑම් 157 ක බරක් ඔසවමින් එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.එසේම යොවුන් අංශයෙන් තරග වැදුණු,කිලෝ ග්‍රෑම් 77 බර පංතිය නියෝජනය කළ විමන්සා කාවින්දි මුළු බර කිලෝ ග්‍රෑම් 128 ක් ඔසවමින් එම තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.


ශ්‍රී ලංකාවට අලුතෙන් එකතු වූ ලෝකඩ පදක්කම් දෙක පිරිමි කණ්ෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 79 බර පංතියෙන් තරග කළ දිනෙත් චන්ද්‍රෙස්කරට හිමි වූ අතර කිලෝ ග්‍රෑම් 88 බර පංතියේ යොවුන් අංශයෙන් තරග වැදුණ තීක්ෂණ වීරසිංහ ද ශ්‍රී ලංකාවේ පදක්කම් සටහනට තවත් ලෝකඩ පදක්කමක් එකතු කරන්නට සමත් වුණා.
කාන්තා කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම ජය ගත් දුලානි තුෂාලා ඡායාරූපයේ දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...