ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණය තීන්දු කරයි

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවිධ රටවල් වෙනුවෙන් පනවන ලද තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත්, ජනාධිපති බලතල ඉක්මවා ගොස් ඇති බවත්, එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු කර තිබේ.

වෙළඳ අසමතුලිතතාවයක් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට හානිකර බව තර්ක කරමින් ට්‍රම්ප් වෙළඳාම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුමුත්, එනමුත් අධිකරණය තීන්දු කළේ තීරුබදු පැනවීම ජනාධිපතිවරයාගේ වරම තුළ නොමැති බවත්, බදු නියම කිරීම මූලික කොංග්‍රස් බලයක්වන බවත්ය.

මෙම තීන්දුව ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය උඩු යටිකුරු කළ හැකි අතර තර්ජනවලට එරෙහිව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දෙන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ ට්‍රම්ප් තීරුබදු සාධාරණීකරණය කර තිබු මුත්, ඒවා නීතිය පටහැනි බැවින් අවලංගු බව ප්‍රකාශ කර ඇත.

නඩුව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීම වෙනුවෙන් පරිපාලනයට කාලය ලබා දීම සඳහා ඔක්තෝබර් 14 වන දින දක්වා තීන්දුව ක්‍රියාත්මක නොවන අතර මෙම තීන්දුව නිකුත් වන්නේ කුඩා ව්‍යාපාර සහ එක්සත් ජනපද රාජ්‍ය සන්ධානයක් විසින් ගොනු කරන ලද නඩු දෙකකට ප්‍රතිචාර වශයෙනි.

කෙසේ නමුත්, මෙම අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් ප්‍රකාශ ගොනු කරමින්, එවැනි තීරණයක් එක්සත් ජනපදයට භයානක රාජ්‍ය තාන්ත්‍රික අපහසුතාවයක් වනු ඇති බවට කරුණු ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...