විකුණන්න කෙනෙක් දන්නේ නැත්නම් වගා කරන්න එපා – කෘෂි ඇමතිගෙන් ගොවීන්ට උපදෙස් !

අස්වනු අලෙවිය සඳහා වෙළඳපොලක් නොදන්නේ නම් වගා කිරීමෙන් වළකින ලෙස කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ගොවීන්ට පවසයි.

“තමුන්නාන්සෙලාට වන්දියක් ලබාදෙන්න – ඒ කියන්නෙ වැටිලානෙ මේ ඉන්නෙ – මෙතන්ට රැස්කරගෙන අපි නිකම් ලොකු දේශන තියන්න යන්න ඕනෙ නෑ. හැබැයි ගැටලුවක් වුණාම රක්ෂණයකුත් අවශ්‍යයි. මං හිතන්නෙ නෑ අපි මේ දෙන වන්දියේ ප්‍රමාණය ඇති කියලා. මේවා අපි තව වැඩිදියුණු කරගන්නත් ඕනෙ. අපි මේ සියල්ල ගොඩනගමින් ඉන්න මොහොතක මෙහෙම අවස්ථාවකට සම්බන්ධ වෙලා මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න දායක වෙන්න ලැබීම මං හිතනවා මගෙත් වාසනාවක් කියලා. තමුන්නාන්සෙලාට නම් මේක වාසනාවක් නෙවෙයි. හේතුව, හානිවෙලා නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ.

අපි කියන්නෙ වෙළඳපොල දන්නෙ නැත්නම් වගා කරන්න එපා. දැන් මේ වට්ටක්කා ප්‍රශ්නයක් ආවානෙ ඊයෙ පෙරේදා. මං සමහරුන්ගෙන් ඇහුවා වට්ටක්කා වැව්වෙ කාට දෙන්නද කියලා. වගා කරපු අය දන්නෙ නෑ. අපි දැන් කියන්නෙ වගා කරන්න, දෙන කෙනාත් දැනගෙන. දෙන්නෙ කීයටද කියලාත් දැනගෙන. පුරුද්දට වගා කරනවානෙ, ඒත් දැනගෙන තමයි අපිට ඉදිරියට වගා කරන්න වෙන්නෙ, එතකොට කවුරුත් අනාථ වෙන්නෙ නෑ

ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ වගා හානි වන්දි ලබාදීම වෙනුවෙන් පසුගියදා පොලොන්නරුව ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...