මිනිස් ශිෂ්ඨාචාරය ප්‍රාදූර්භූත වෙන්නෙත් එහි අඛණ්ඩ ගලායෑම සිදුවන්නෙත් වෛරය, තන්හාව, පලිගැනීම වැනි ජීවවිද්‍යාත්මක චෛතිසිකයන් සහ මහා රුහිරු ඝාතන, යුද්ධ ප්‍රයාන වැනි නරුම ආඛ්‍යාන මැදින්ය…
මේ හැර වෙනත් මාවතක් හෝ උපතක් මිනිස් ශිෂ්ඨාචාරයට නැති බැවින් එය යථාර්ථය ලෙස පිළිගැනීමට අපට සිදුවේ..
මානව දයාව, මෛත්‍රිය, සාරධර්ම වැනි සංකලප යනු මේ නරුමත්වයෙන් හෙම්බත්වීම තුල මිනිස් සංතානයේ ඇතිවන ආන්තික සහ අප්‍රායෝගික අතිරික්තය වේ..
ආගම් තුලින් දේශනාකෙරෙන මෛත්‍රිය කරුණාවය අනෙකාට ප්‍රේමකිරීම තත්‍ය ලෝකයේ නොපවතී…
උදා:- බුද්ධ දේශනාවේ සඳහන් වෛරයෙන්, තන්හාවෙන් විනිර්මුක්ත කෙලෙස්මලින් තොර සමාජය යනු යතාර්ත ක්‍රමවේදයට පිටින් පවත්නා දෙයකි… සංඝ නමින්වූ එකී සමාජ සංස්ථාව යථාර්ථ සමාජයට පිටින් පවතින්නේද එහෙයිනි..
නමුත් ඒ නිකෙලෙස් සමාජය පවා නඩත්තුවන්නේ පෙරකී නරුම යථා සමාජ සංස්තාපිතයේ අතිරික්තයෙනි.. ඒ අනුව ගත්කල ශ්‍රේෂ්ඨ ඇදහිලි විසින් කෙරෙන්නේ ස්වකීය ජීවවිද්‍යාත්මක නරුමත්වය නිසා ජනිතවන ආන්තික මිනිස් පසුතැවිල්ලට සැනසිල්ලක් ලබා දීම පමණි..
යුද්ධයේ ආදීනව ගැන කරුණාබරිත දේශනාව අපට සොයාගත හැකිය. නමුත් යුද්ධ නැති ලෝකයක් අපට සොයාගත නොහැකිය.
අවසාන විශ්ලේෂණයේදී නීට්ෂේට අනුව ශුද්ධ – අශුද්ධ, ශිෂ්ඨ – අශිෂ්ඨ සියලු ඛන්ඩයන් පෙරකී නරුම ලෝකයේම විවිධ ඇමුණුම් පමණක්ම වේ..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ


