දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග සහ ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා රජය විසින් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.
ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මෙම මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙන අතර මෙය ජංගම දුරකථන යෙදවුමක් දක්වා ද වැඩිදියුණු කිරීමට නියමිතය.
https://fuel.gov.lk/ ඔස්සේ මෙම වෙබ් අඩවියට යොමුවිය හැකි අතර තවමත් මෙය සම්පූර්ණ වශයෙන්ම ක්රියාත්මක නොවෙන බවත් සඳහන්.
RN