පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

Date:

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් පාතාල නායකයින් බොහෝ තොරතුරු හෙළිදරව් කරමින් සිටින බවත් ඒ නිසා ඔවුන්ට රැකවරණය දුන් විපක්ෂයේ දේශපාලනඥයින් බොහෝ සේ බියට පත්ව සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා පවසයි.

“ජූලම්පිටියේ අමරෙලා, වම්බොට්ටලා ඇතුළු සියලු දෙනා නඩත්තු කළේ දේශපාලනඥයෝ. ඒ නිසා දැන් ගත්තොත් ආණ්ඩුව මැදිහත් වෙලා අපේ රටේ පාතාලය මර්දනය කරන්න මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. විදේශ රටවල ජීවත් වෙච්ච පාතාලයින් හොයාගෙන, හඹාගෙන ගිහිල්ලා ඔවුන්ව ලංකාවට ගෙනල්ලා තියෙන්නෙ. අද ඒ පාතාලයේ අය බොහෝ දේ වමාරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා කොච්චර බයවෙලාද කිව්වොත් සමහරක් අය පන්සල් යනවා, සමහරක් අය දේවාලෙ යනවා, එතරම් අද දේශපාලනඥයො බයවෙලා තියෙනවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) කළුතර වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...