මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

Date:

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අද (04) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

2023 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම යනාදී චෝදනා යටතේ රවී සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ව්භාග වෙමින් පවතින අතර එම නඩුකරය වෙනත් අධිකරණයකට මාරුකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී සෙනවිරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

එම පෙත්සම මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද සලකා බැලීමෙන් අනතුරුව මෙසේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...