හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ ඇප ප්‍රතික්ෂේප කර ලබන 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔහු ගමන්ගත් වාහනයට වෙඩි තබා ලිපිගොනු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව පසුගිය 19 දින අත්අඩංගුවට ගනුලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව මෙලෙස අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණි.

පසුගිය මැයි මස 17 වනදා රාත්‍රියේ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබුණේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කර තමන්ට පහරදී තමන් සතුව තිබූ ලිපි ගොනුවක්ද රැගෙන පලා ගිය බවයි.

නාරාහේන්පිට පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

කෙසේවෙතත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබුණේ තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සිදු කළ ඉතාමත්ම සැලසුම් සහගත ක්‍රියාවක් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...