ජනතාව පාවා දී රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවට වාසියක් අත්පත් නොවී ගනු ලබන කිසිදු තීරණයකින් රටට යහපතක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය කිසිවිටකත් කිසිවිටෙකත් රටේ ජනතාව පාවා දෙන තීන්දු තීරණ නොගන්නා බව ද අවධාරණය කළේය.

තමන් විසින් ගනු ලබන සියලුම තීන්දු තීරණය වන්නේ ඒ හරහා රටට ලැබෙන වාසිය සහ රටට ලැබෙන අගය මත යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

නාවුක, ගුවන් සේවා, වරාය, අපනයන වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන නියෝජිත පිරිසක් සමග සමඟ ඊයේ (11) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

පැරණි මති මතාන්තර මත එල්බගෙන සිටීම හේතුවෙන් අහිමි වී ඇති ආයෝජන අවස්ථා ද, ආයෝජන සම්බන්ධව උද්ගතව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...