පෞද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක්!

Date:

පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාගැනීමේ පහසුව වෙනුවෙන් ජුනි 15 වනදා සිට නව පිරවුම්හල් දෙකක් විවෘත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කොළඹ බැස්ටියන් මාවතේ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මෙලෙස නව පිරවුම්හල් දෙකක් පෞද්ගලික බස් රථ සදහා විවෘත වන බවයි.

”රටේ තිබෙන තෙල් ප්‍රමාණය මගී ජනතාව අතර බෙදා හැරලා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න තමයි අමාත්‍යාංශය උත්සහයක් දරන්නේ. හෙට ගෙනත් දියන් කිව්වට එහෙම ගෙනත් දෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් අපි දෙනවා. ඉන්ධන පිළිබඳ දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය තුළ පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා තමයි මේ විකල්ප ක්‍රියාමර්ග අපි අනුගමනය කරන්නේ” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...