පෞද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක්!

Date:

පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාගැනීමේ පහසුව වෙනුවෙන් ජුනි 15 වනදා සිට නව පිරවුම්හල් දෙකක් විවෘත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කොළඹ බැස්ටියන් මාවතේ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මෙලෙස නව පිරවුම්හල් දෙකක් පෞද්ගලික බස් රථ සදහා විවෘත වන බවයි.

”රටේ තිබෙන තෙල් ප්‍රමාණය මගී ජනතාව අතර බෙදා හැරලා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න තමයි අමාත්‍යාංශය උත්සහයක් දරන්නේ. හෙට ගෙනත් දියන් කිව්වට එහෙම ගෙනත් දෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් අපි දෙනවා. ඉන්ධන පිළිබඳ දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය තුළ පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා තමයි මේ විකල්ප ක්‍රියාමර්ග අපි අනුගමනය කරන්නේ” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...