නිශ්මං රණසිංහ සැප්තැම්බර් 11, කොළඹ LNW:
ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර පැවත් වූ පාපන්දු තරගාවලියේ සූරතාව මාල දිවයිනට හිමි වුණා.ඒ තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය 3-0 ක් ලෙස මාල දිවයින ජය ගැනීම නිසයි.දෙවන තරගය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.

දෙවන තරගයේදී විශේෂයෙන් දෙවන භාගයේදී ශ්‍රී ලංකා දැල අසළට පන්දුව පැමිණියේ ඉඳ හිටයි.ඒත් මාල දිවයින දැල වටේ පන්දුව නිරන්තරයෙන් රැඳුණා.එහෙත් නිසි ඉලක්කයට මාල දිවයින දැල තුළට පන්දුව එල්ල වුණේ නැහැ.මාල දිවයින දැල අසළ නිවැරදිව ක්‍රියාත්මක වුණ නිසා ශ්‍රී ලංකාවට වඩා අඩු අවස්ථා ප්‍රමාණයක් හිමි වුව ද,ඔවුන් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අවස්ථා ප්‍රමාණයක් හිමි වුව ද ඒවා ගෝල බවට පෙරලුණේ නැහැ.එයින් වැඩිම අවස්ථා ප්‍රමාණයක් හිමි වුණේ කෙලාට් වෙතයි.තරගය නිමා වීමට විනාඩි පහක් තිබිවදී සිය අවසන් තරගය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට පිටියට පිවිසි හර්ෂ ප්‍රනාන්දු යොමු කළ කෝණමය පහර සෑහෙන උත්සාහයකින් පසුව ගෝලයක් කර ගනිමින් විශාල අවස්ථා ගණනාවක දී කෙලාට් කළ උත්සාහය සාර්ථක කර ගනිමින් තරගය 1-1 ක් ලෙස නිමා කරන්නට දායක වුණා.
දෙවන තරගයේ ක්‍රීඩා විලාශය සළකා බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සෑම අතින්ම ඉදිරියෙන් සිටියා.එහෙත් ගෝලයට සැළසුම් සහගතව පන්දුව යොමු කිරීම අතින් දුර්වලකම් දැක් වූවා.පන්දුව පාලනය,ස්ථානගතව යොමු කිරීම,වේගවත් බව ආදි සියල්ල සළකා බලද්දී ඒ තත්ත්වය පැහැදිළිව දකින්නට ලැබුණා.එහෙත් ගෝලය අසළටම රැඟෙන ගියත් පන්දුව හරි ඉලක්කයට ගෝලය වෙත යොමු කිරීමනම් සිඳු වුණේ නැහැ.
ප්‍රථම තරගයේදී ද ශ්‍රී ලංකාව පහසු නිදහස් පහරක් මඟ හැරියා.එපමණක් නොව සමස්ත තරගය ගත් විට එම තරගයේදී ශ්‍රී ලංකාවට වඩා ඉතා හොඳ ක්‍රීඩා රටාවක්ද මාල දිවයින ප්‍රදර්ශනය කළා.දෙවන තරගයේදි ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව හැඟී ගියේ ප්‍රථම තරගයේදී ශ්‍රී ලංකාව මාල දිවයින අඩු තක්සේරුවෙන් සළකා නිවැරදිව පුහුණුවේ සිටම තරගය සැළසුම් නොකර තිබූ බවයි.
ඉහළ පාපන්දු සංස්කෘතීන් සහිත භූමින් වල පාපන්දු ක්‍රිඩා කළ ද,ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් විසිර පැතිර සිටින තත්ත්වය එකතු කර පොදු සමීකරණයක් සකසා ගැනීම කණ්ඩායම් පැවත්මට අත්‍යවශ්‍යය කරනවා.එහෙත් ඒ තත්ත්වය පළමු තරගයේදී දකින්නට ලැබුණේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් විවිධ ආානයන්ගෙන් එකළස් නොකරන ලද පාපන්දු සංස්කෘතියක් ඇති මාල දිවයින එකට ක්‍රීඩා කිරීමෙන් උපයා ගත් අවබෝධය පසු කර යාමට ශ්‍රී ලංකාව සමත් වුණේ නැහැ.
මෙතැනදී කල්පනාවට ගත යුතු කාරණය වන්නේ මාල දිවයින රට තුළ පවත්වාගෙන යන පාපන්දු සංස්කෘතිය නිසා මේ කණ්ඩායමට අවුරුදු 16 ක්‍රීඩකයෙකුටත් ඇතුළත්වීමට හැකි වී තිබීමයි.ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රියාකාරීත්වය පොළව තුළ ක්‍රියාත්මක වීම එතරම් පොහොසත් ආකාරයෙන් සිඳු නොවන බව ඇත්තයි.බහුතරය් විදේශයන් හි සිට පැමිණෙන ලාංකේය සම්භවය සහිත ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටින නිසා අලුත් බලාපොරොත්තු හඳුනා ගැනීමට හෝ එවන් තරු සොයා ඉඩ දීමට සැළසුමක් වැඩ සටහනක් ලංකාව තුළ නොමැති බව පිළිගත යුතු ඇත්තයි.
මෙහි යෝජනාව වන්නේ දැනට පවතිනාකාරයට විදේශික සම්භවයක් සහිත පිරිසගේ දායකත්වය නොසළකා හරින ලෙස ඉල්ලීම නොවේය.මේ දක්ෂතා මේ පොළවේ පවතින පාපන්දුවේ පෝෂණයට මුසු කර ගැනීම කල්පනා කළ යුතු බවය.මේ ආකාරයට විදේශයන් හී සිටින ලාංකේය සම්භවයක් ඇති පිරිස කොපමණ කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න කැඳවනවා ද යන්නය.ඒ වෙනුවට ඔවුන්ගේ වෘත්තීය වටිනාකම්වලට ගෞරවය දෙමින් අනුග්‍රාහකයන් සොයාගෙන එම ක්‍රීඩකයන් සහ දේශීය ක්‍රීඩකයන් කළවම් වූ කණ්ඩායම් සකස් කර ඒවා පෞද්ගලික අංශයට මිල දි ගන්නට ඉඩ දී ලීග් තරගාවලියක් පැවත්වීමය.එවැනි තත්ත්වයකදී වැඩි ලාංකික ක්‍රීඩකයින් පිරිසකට මේ දක්ෂතා සමඟ ගැටෙමින් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමට මඟ සකසා ගැනීමට ලැබෙන ඉඩ ලංකාවේ පොළවේ පවතින පාපන්දුව පොහොසත් කිරීමට මෙන්ම වඩා දක්ෂ තරගකාරී තැනකට කැඳවන්නට ද හේතු වනවා ඇත.
