පවුලක් සින්නක්කරව ලියාගෙන කොල්ලකෑ රට ගොඩ ගැනීමේ වගකීම අපට තිබෙනවා – සජිත් (VIDEO)

Date:

සින්නක්කරව එක පවුලක් රට ලියාගෙන මුලු රටම කොල්ල කෑ බවත් වසර දෙකක් රටම අනුගමනය කළේ රාජපක්ෂවාදය සහ පවුල් වාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අලුත් නූතනවාදී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගෙන ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය ඊයේ (13) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පිරිසක් හමුවිය. ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලින් සාතිශය බහුතරයකට සමගි ජන බලවේගයත් සමඟි ජන සන්ධානයත් එකඟ බව පැවසූ විපක්ෂ නායකවරයා මේ කතිකාවත පුළුල්ව දියත් කිරීම උදෙසා විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයෙහි “මහලේකම් කාර්යාලයක් ගොඩනැගීමටත් මීට අවශ්‍ය සම්පත් පහසුකම් ලබා දීමටත් එකඟ විය.

සම්මුතිවාදය තුළින් රට ගොඩනැගිය යුතු බව කී විපක්ෂ නායකවරයා එයින් මෙහා රට ගොඩනැගීමට මගක් නැතැයිද කීය.

අද පවත්නා ආර්ථික කඩා වැඩීමට දේශපාලන හේතු බලපා ඇති බවත් රට ගොඩනැගීම උදෙසා බලවත් ශක්තිමත් ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදය වර්ගවාදය, අන්තවාදය, කුලවාදය, ආගම්වාදය බැහැර කළයුතු බවත් ප්‍රගතිශීලී ප්‍රබුද්ධ ගමනක් ආරම්භ කළයුතු බවත් පැවසීය.

ප්‍රතිගාමී අදහස් වලින් බැහැරව ප්‍රබුද්ධ අදහස් වලින් සන්නද්ධව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා අද මෙරට මේ තරම් අගාධයකට වැටුණේ ඒකාධිපතිවාදය නිසා බව ද පෙන්වා දුන්නේය.

ආණ්ඩුව විසින් වසර දෙක හමාරක් තිස්සේ රටේ දියත් කරනු ලැබූ අසාර්ථක පාලනය හේතුවෙන් 225ම එපා යනුවෙන් මතවාදයක් නිර්මාණය වී ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා එහෙත් එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවන බව ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...