ගෑස් නැතුව ආපනශාලා 60%ක් වැහිලා. පෝෂණය ගැනත් බරපතළ ප්‍රශ්නයක් – අසේල සම්පත් (VIDEO)

Date:

රටේ පවතින ගෑස් අර්බුදය නිසා ආපනශාලා 60%ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

“අද වෙනකොට ලිට්‍රෝ සමාගමේ ගෑස් වෙළඳපොලට සපයන්නේ නැතුව දවස් 5ක් වෙනවා. ඒකෙන් ජීවත්වෙන සුවිශාල පිරිසක් අද වෙනකොට යන එන මං නැතුව නන්නත්තාර වෙලා ඉන්නවා. අපේ ආපනශාලා 60%ක ප්‍රමාණයක් මේ වනවිට වහලා දාලා කරකියාගන්න දෙයක් නැතුව මැරෙන්න බැරිකමට ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා ආපනශාලා හිමියෝ. විශ්වවිද්‍යාල බරපතළ ගණයේ අර්බුදයකට ලක්වෙලා තියෙනවා, මොකද ඒවායේ අඩුමිලට කෑම දෙන්න ඕනෙ. අඩු මිලට කෑම දෙන්න නම් චෞ චෞයි, පිපිඤ්ඤායි, ගස්ලබුයි, අඹයි, වට්ටක්කායි තමයි දෙන්න වෙන්නෙ. එහෙම නැතුව මේ එළවලුත් එක්ක කෑම දෙන්න බෑ. මේවාත් එක්ක කෑම කනකොට මේගොල්ලොන්ගෙ පෝෂණය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් එනවා. රටකරන ඇත්තෝ, උන්ගේ හෙන්චයියෝ සහ ගජමිතුරු ව්‍යාපාරිකයෝ සුඛ විහරණය ලබද්දී අහිංසක මිනිස්සු අද ලෙවකන තත්වයට පත්වෙලා තියෙන්නෙ”

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...