ගම්මන්පිලගේ තෙල් ටැංකි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය – ගිවිසුම් අත්සන් කිරීම ඉදිරි සතියේදී

Date:

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ඉදිරි සතියක් ඇතුළත අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වෙන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී (04) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ.

මෙහිදී ලංකා ඛණිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24 ක්ද, IOC සමාගමට ටැංකි 14 ක්ද ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමට නියමිතය.

ඉතිරි ටැංකි 61 හි කොටස් 51%ක් ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවටත් ඉතිරි කොටස් 49%ක් ලංකා අයි ඕ සී සමාගමටත් හිමිවන ලෙස හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 50කට බදු දීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙය ඛනිජ තෙල් සංස්ථාවේ පූර්ණ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක බවද හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...