මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

Date:

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ කෙරෙන බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තය මේ වන විට එහි සමස්ථ ඉදිකිරීම්වලින් 35%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඩොලර් මිලියන 69.6ක ණය ආධර මත මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් අංගණයේ ඉදිකිරීම් සිදුවන එම පර්යන්තය සිව් මහල් ගොඩනැගිල්ලක් කේන්ද්‍ර කොට ක්‍රියාත්මකය. මේ වන විට බිම් මහලේ ඉදිකිරීම් සිදුවන අතර එහි භෞතික ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් හා ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගියදා සිදු කෙරණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පර්යන්ත කාර්යාලයේදී සාකච්ඡාව පැවැති අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඉදිකිරීම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරණි.

නව ප්‍රවාහන පර්යන්තයේ බිම් මහළ හා පළමු මහල බස් රථ ප්‍රවේශවන ස්ථානයකින් යුක්ත වන අතර එම මහල්වල සිට පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වේ. තෙවන මහල මගී රැදවුම් පරිශ්‍ර, සේවා ස්ථාන හා සාප්පු සංකීර්ණවලින් සමන්විතය. ඉහළ මහලේ සිට මහනුවර දුම්රිය පොල සහ මහනුවර රෝගල කරා ගමන් කළ හැකි ගුවන් පාලම්වලින් යුක්ත වන අතර එම පාලම් මහනුවර විලියම් ගොපල්ලව මාවතට ද සම්බන්ධ වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාර් 1.9ක භූමි ප්‍රමාණයක් ව්‍යාපෘතියට සම්බන්ධ වන අතර එම දෙපාර්තමේන්තුවට අහිමිවන දුම්රිය නිවාස වෙනුවෙන් මහල් හතකින් සමන්විත දුම්රිය නේවාසික ඒකකයක් ඉදිකිරීම ද සිදුවේ.

වසර තුනක ව්‍යාපෘතියක් වන එහි ඉදිකිරීම් 2027 මාර්තු මාසයේදී නිම වන බව ව්‍යාපෘතිභාර අධ්‍යක්ෂ මංචුල රත්නායක මහතා එහිදී සඳහන් කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු නිලධාරීන් රැසක් මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණය සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...