ජනතාවගේ අතමිට සරු වෙනවා – බලාපොරොත්තුවෙන් ඉන්න

Date:

රජය විසින් සැළසුම් කර ඇති වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ගොවි ජනතාවගේ අතමිට සරු වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

යල සහ මහ කන්නවල වගා කටයුතු නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය සියලු සැළසුම් මේ වනවිට සූදානම් කර ඇති බවත් වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ඉදිරියේදී ලැබෙනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනවා. පොහොර ආනයනය සඳහා දැනටමත් ඉන්දියාව සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඉදිරි කන්න දෙක තුළ වගා කටයුතු සාර්ථකව සිදු වුවහොත් කිසිදු සහල් හිගයක් ඇති නොවන බව පෙන්වා දෙන මහින්ද අමරවීර මහතා පවසන්නේ එම කන්න දෙකේ අස්වැන්න ලැබෙන තෙක් රටේ සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි. ඒ අනුව රජය සතු සහල් තොග වෙළඳපොලට නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු සහල් තොග වෙළඳපලට නිකුත් කිරීම සඳහාද අමාත්‍යංශය මැදිහත් වන බවත්, සහල් තොග සඟවා තබාගෙන සිටින්නන් සහ වැඩි මිලට අලෙවි කරන ව්‍යාපාරිකයන් සොය සිදු කරන වැටලීම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත් අමරවීර මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...