*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සව්ට්ස්ර්ලන්තයෙන් ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඊයේ ඉන්දියාවෙන් රිදී පදක්කමක් දිනා දෙන්නට අරුණ දර්ශන,ඉසුරු ලක්ෂාන්,දිනුක දේශාන් සහ පබසර නිකූ සමත් වුණා.ඒ 61 වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 සහය දිවීමේ තරගයේදීයි.ඊට අමකරව ඊයේ දිනයේ ස්විට්ස්ලන්තයේ බර්න් නුවර පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ කාණ්ඩයේ තරඟයේ හෙල්ල වීසිකිරීම් ඉසව්වේ දී තෙවන ස්ථානය දිනා ගන්නට සුමේධ රණසිංහ සමත් වුණා.
කලක් මීටර් 400 සහය දිවිම යනු දකුණු ආසියානු කළාපයේ පමණක් නොව ආසියානු කළාපයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශීර්ෂ ප්‍රනාමයෙන් පිළිගත් ඉසව්වක් වුව ද,වර්ථමානයේ එය ඉන්දියානු ආධිපත්‍යයට යටත්ව තිබේ.ඒ නිසාම මීටර් 100 සහ 400 ඉසව්වල සහය දිවීමේ ඉසව්වලදී ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොදීමට මෙම තරගාවලියේදී ඔවුන්ට තිබුණු අවශ්‍යයතාවය කදිමට පැහැදිළි විය.ශ්‍රී ලංකාව සහභාගි වුණු කාන්තා මිටර් 100 සහය දිවීමේ තරගයේදී මෙන්ම පිරිමි මීටර් 400 තරගයේදී ද ඔවුන් ප්‍රාන්ත කණ්ඩායම් වෙනුවට සිය ජාතික සහය දිවීමේ කණ්ඩායම පෙරට කැඳවා එහි රන් පදක්කම ශ්‍රී ලංකාවට යාම වැළක්වීමට අවශ්‍යය පියවර ගෙන තිබිණි.
නමුත් ශ්‍රී ලංකාවේ මීටර් 400 සහය දිවිමේ කණ්ඩායම මේ මොහොතේ අංක එකට සිටින කාලිංග කුමාරගේ ගේ දායකත්වය නැතිව හෝ ඉන්දීය ජාතික කණ්ඩායමට ඒ මොහොතට සාපේක්ෂව තියුණු තරගයක් ලබා දීම කැපී පෙණින.විශේෂයෙන්ම ආරම්භය ලබා ගත් අරුණ දර්ශනගේ ධාවනය අති විශිෂ්ඨ එකක් විය.නමුත් දෙවන සහ තෙවන මීටර් 400 ධාවනයේ දි එය යම් ආකාරයකින් නිවැරදිව කළමණාකරණය කළ බවක් නොපෙණුන අතර අවසාන මීටර් 400 සඳහා පබසර නිකූ තරඟ වැදි ආකාරය අනුව පැහැදිළි වූයේ එම ධාවනයන් හී දී ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තිබූ පරතරය අඩු කර ගැනීමට හැකි විණිනම් ඉන්දියාවට අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට ඉඩ තිබූ බවය.
ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ ඉන්දියාවේදී තුන් පිම්ම ඉසව්ව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් චමල් කුමාරසිරි ඉදිරිපත් වූ අතර එම ඉසව්ව සම්පූර්ණයෙන් කේරළයේ ආධිපත්‍යයට නතු වූ එකක් විය.ප්‍රවීන් චිත්‍රවේල් (මීටර්17.18),අබ්දුල්ලා අබුබකර් (මීටර් 17.14) සහ එල්දෝස් පෝල් (මීටර්16.81) යන කේරළ ක්‍රීඩකයෝ ප්‍රථම ස්ථාන තුන බෙදා ගත්හ.චමල් කුමාරසිරි ගේ දක්ෂතාවය මීටර් 15.81 වූ අතර ඔහුට හිමි වූයේ අටවන තැනය.
සව්ට්ස්ර්ලන්තයේ බර්න් හී දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදි ඉසව් හතරෙන් පදක්කමකට පිවිසීමේ හැකියාව ලැබුණේ සුමේධ රණසිංහට පමණය.ඔහු ද ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණි නමුත් ඒ මොහොතට අදාළව හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් වාර්තා වුණු දක්ෂතා අතර තෙවන තැනට පත් වූයේ මීටර් 74.55 ක් දක්ෂතාවයකින්ය.ප්‍රංශාය් වාගි සොසයියා ෆෙලිසි මීටර් 76.52 දක්ෂතාවයකින් දෙවන තැන දිනා ගත් අතර ලිතුවේනියාවේ ස්ට්‍රෝබින්චර්ස් රෝලන්ඩ්ස් පළමු තැනට පත් වූයේ මීටර් 78.72 ක දක්ෂතාවයක් දක්වමින්ය.
කාන්තා මීටර් 800 තරගයේදී මීට ඉහත අප සඳහන් කළ “වවුලගෙ මඟුල” සටහනෙන් කියවුණු ආකාරයට පාරිසරික නුහුරුව නිසා තරග වැදීය යුතු ආකාරය තරගයේදී අත්හදා බලන්නට සිඳු විම මෙහිදී හොඳින් ප්‍රදර්ශනය විය.ඇය ඒ අනුව පළමු මීටර් 400 ඉදිරියෙන් සිට තත්පර 58.36 න් නිම කළ ගයන්තිකාට ඉසව්වේ හයවන ස්ථානය දක්වා පසු බසින්නට වූයේ විනාඩි 2:04.06 න් ඉසව්ව නිමා කර හය වෙනි තැනට පත් වෙමින් ය.එය ජයගත් බ්‍රිතාන්‍යයේ සොලමන් ජෙනී විනාඩි 2:00.86 න් ඉසව්ව නිමා කරන්නට සමත් වූවාය.
දුර පැනීමේ ඉසව්වේ ජිනිවා රන් පදක්කම්ලාභිණිය වූ සාරංගි ද සිල්වාට මේ තරගයේදි ඔස්ට්‍රියා තරයේදී (මීටර් 6.38) සහ ජීනිවා තරඟයේදි (මීටර් 6.33) දැක්වීමට නොලැබිණි.ඇයගේ ඉහළම දක්ෂතාවය ලෙස සැළකුණේ මීටර් 6.19 කි.ඒ නිසා ජීනිවා තරගයේ රන් පදක්කමේ සිට සාරංගි ට බර්න් හී දී සිව්වන තැන දක්වා පසු බසින්නට සිඳු විය.තරගය තරගකාරී වූ අතර නයිජීරියාවේ බෘම් එසේ මීටර් 6ත92 ක විශාල පිම්මකට පිවිස නව තරග උළෙල වාර්තාවක් තබන්නට සමත් වූවා ය.දෙවන තැනට පත් බ්‍රිතාන්‍යයේ අසානි මිකාලි දැක් වූ දක්ෂතාවය වූ මීටර් 6.45 සටහන් වූයේ ද ඇයගේ හොඳම කාලීන දක්ෂතාවය හැටියට ය.තෙවැන්නිය වූයේ හන්ගේරියාවේ ලෙස්ටි ඩයනා ය.ඇයගේ හොඳම කාලීන දක්ෂතාවය සටහන් කරමින් මීටර් 6.27 ක දක්ෂතාවයක් දක්වන්නට ඩයනා සමත් වූවාය.
කාලිග කුමාරගේ මීටර් 400 ඉසව්වේ දී ජණිවා තරගයට වඩා ප්‍රගතියක් පෙන් වුව ද එම ඉසව්වේ මුල් ස්ථාන හතරම තත්පර 45 සීමවේ තරගය නිමා කිරීම තුළ ඇති වූ පීඩනය සමඟ කාලිංගට සිව්වන තැන (තත්පර 46.36) දක්වා පසු බසින්නට සිඳු විය.ඉසව්වේ පළමු ස්ථාන දෙක බෙල්ජියමේ බෝර්ලි සහෝදරයන් සතු විය. බෝර්ලි කෙවින් තත්පර 45.12 න් ඉසව්ව නිමා කර පළමු වැනි තැන ද,ඩයලින් තත්පර 45.18 න් දෙවන තැන ද දිනූ අතර තෙවැන්නා වූයේ තත්පර 45.36 ඉසව්ව නිමා කර ස්ටුවර්ඩ් ට්‍රෙවරි ය.ඔහු අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළේය.ප්‍රථම ස්ථානය දිනූ කෙවින් ඔහුගේ හොඳම කාලීන දක්ෂතාවය දැක් වූ අතර ඩයලින් ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දැක් වීය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan