*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

අවම වැටුප ඉහළ දමයි – මෙහෙ නෙවෙයි ඔස්ට්‍රේලියාවෙ

අවම වැටුප ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. එරට වැටුප් කොමිසම පවසන්නේ ඉහළ යන ජීවන වියදම හා ඇතැම් රැකියාවල පවතින දැඩි සේවක හිගය සඳහා පිළියමක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව, සේවකයෙකුගේ අවම වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් 21.38 ක් දක්වා ඉහළ යනු ඇත. 5.2% ක අගයකින් අවම වැටුප ඉහළ දමා ඇති අතර ඒ හරහා අවම වැටුප් ලබන සේවකයෙකුට සතියකට ආසන්න වශයෙන් ඩොලර් 40 ක මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇත.

වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමා බලයට පත් වුවහොත් 5.1% ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි. එම මැතිවරණ පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරමින් මෙම වැටුප් ඉහළ දැමීම සිදුකර තිබේ.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යමින් තිබෙන අතර ඉතා මෑතකදී උද්ධමනය 06% ක් දක්වා ඉහළ යනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan