“ක්‍රිෂාන්තිගේ අඩිපාරේ” — අඳුරු මතකයක් වෙනුවෙන් ගෙන ආ නව සලකුණක දොරට වැඩුම ඊයේ දිනයේදී, අති සාර්ථකව!

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 18, කොළඹ (LNW): සැප්තැම්බර් 17 වන දා ජනතාව අතට පත් කළ “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ” යනු පොතක් පමණක් නොව, අපේ රටේ අඳුරු ඉතිහාසයට අයත්, නොකියවී නොවන්නට තිබුණු මතකයන් නැවත අවුස්සන සළකුණකි.

ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා විසින් රචිත මෙම කෘතිය, යාපනයේ මධ්‍යම පාන්තිකව උපන් ක්‍රිෂාන්ති කුමාරස්වාමි කතාව ආධාර කර ගෙන, සිහිනයක් බිඳී යන අයුරු සහ අවිස්මරණීය අධර්මයක් විවෘතව කතා කරන සටහනකි. වෛද්‍යවරියක් වීමට බලාපොරොත්තු වූ ඒ අහිංසක පිච්ච මල අමානුෂික අවස්ථාවකට ගොදුරු වීම කාගේත් ඇඟේ මවිල් කෙලින් කරවන අන්දමින් පාඨකයා අතට පත් කිරීමට රත්නපාලයන් ගත් ඒ උත්සාහය අපි අගය කළ යුතු වෙමු.

“ක්‍රිෂාන්තිගේ අඩිපාරේ” යනු පුවත් වාර්තාකරණය පමණක් නොව, කාලයත් සමග මකා දැමිය නොහැකි සත්‍ය අඳුරු සිදුවීම් පොතක පිටු අතරට ගෙනෙන්න දරපු උත්සාහයකි. එය කියවන්නාට දුක සහ කෝපය සිතට ගෙන එන රසාස්වාදනයක් සපයන අතර, අනාගතයට පණිවිඩයක් ද පවරයි!

මිනිසුන්ගේ සිහින අඳුරු මතකයන් සමඟින් බිඳී යන විට සමාජය පුරා වැලපීම් සෝ සුසුම් මැදින් මතු වන අසමසම සත්‍යග්‍රහයක්! “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ…” එන්න ඇවිඳන් යන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...