බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

2017 වසරේදී ඇරඹුණු මෙම ව්‍යාපෘතියේ ජලාශය මාස 18 කින්ද ජල පවිත්‍රාගාරය මාස 36කින්ද නිම කිරීමට ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම වන චයිනා මැශිනරි ඉන්ජිනියරින් සමාගම එකඟ වී තිබුණි. නමුත් 2024 දී ජනතා රජය බලයට පත්වනවිට මෙහි වැඩකටයුතු අතරමග නවතා දමා තිබුණි.


2024 දෙසැම්බර් මාසයේ පැවති නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධන්දීකරණ කමිටුවේදීම මෙම ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීමට තීරණය කළ අතර වසර 4ක් ඇනහිට තිබී එසේ ඇරඹුණු මෙම ව්‍යාපෘතිය අද(18) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. බස්නාගොඩ ජලාශයේ මුලු වපසරිය හෙක්ටයාර 115කට වැඩිය. එයට යට වූ සියලු ඉඩම් හිමියන්ට මේ වනවිට වන්දි ගෙවා අවසන් ය. ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 5.5 කි.

මෙම ව්‍යාපෘතිය යටතේ නයිවල , මිනුවන්ගොඩ ,රන්පොකුණගම , පස්යාල හා බැලුම්මහර යන ස්ථානවල නව ජල ටැංකි කුළුණු ඉදි කෙරිණ. මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ යන ආසන තුනේ සම්පූර්ණ ජල අවශ්‍යතාව සපුරාලිය හැකිය. මහර සහ මීරිගම ආසනවලටද ජලය සැපයිය හැකි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...